Image

එක්සත් ජනපද නාවික හමුදාවේ ලිටෝරල් කොම්බැට් නෞකාවක් වන යූඑස්එස් කැන්බරා කොළඹට පැමිණේ

එක්සත් ජනපද නාවික හමුදාවේ ලිටෝරල් කොම්බැට් නෞකාවක් වන යූඑස්එස් කැන්බරා කොළඹට පැමිණේ

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය, ඉන්ඩිපෙන්ඩන්ස්-ප්‍රභේදයේ ලිටෝරල් කම්බැට් නෞකාවක් වන යූඑස්එස් කැන්බරා (එල්සීඑස් 30) (USS Canberra (LCS 30)) ජූනි 12 දින කොළඹ වරායට පැමිණීම පිළිබඳව නිවේදනය කරයි.

මෙම නෞකාව, මීට පෙර කොළඹට පැමිණි යු එස් එස් ටල්සා (USS Tulsa), යු එස් එස් චාල්ස්ටන් (USS Charleston) සහ යු එස් එස් සැන්ටා බාර්බරා (USS Santa Barbara) නෞකාවලට පසුව, කොළඹට පැමිණෙන සිව්වන එක්සත් ජනපද නාවික හමුදා ලිටොරල් කම්බැට් නෞකාව වෙයි.  තව ද, මෙම සංචාරය ඉන්දු-පැසිෆික් කලාපය පුරා ආරක්ෂාව, සහයෝගීතාව සහ ස්ථාවරත්වය වෙනුවෙන් කැප වී සිටින සමුද්‍රීය හවුල්කරුවන් අතර අඛණ්ඩ සම්බන්ධතා සහ සහයෝගීතාව පවත්වාගෙන යෑමේ තීරණාත්මක වැදගත්කම ඉස්මතු කරයි.

කමාන්ඩර් ජේම්ස් මික්ලොෆ්ලින් ගේ අණදීම යටතේ, USS කැන්බරා නෞකාව ඉන්ධන සහ සැපයුම් රැගෙන යෑම සඳහා කොළඹ කෙටි නැවතුමක් සිදු කරනු ඇත.  USS කැන්බරා (LCS 30) යනු වෙරළාසන්න පරිසරයෙහි ක්‍රියාත්මක වීම සඳහාත්, ඉදිරි පෙළ නාවික පැවැත්ම, සමුද්‍රීය ආරක්ෂාව, මුහුදු පාලනය සහ වැළැක්වීමේ මෙහෙයුම් සඳහා සහාය දැක්වීමට නිර්මාණය කර ඇති ඉන්ඩිපෙන්ඩන්ස් ප්‍රභේදයට අයත් ලිටෝරල් සටන් නෞකාවකි. 2023 ජූලි මාසයේ දී නිල වශයෙන් සේවයට එක් වූ මෙම නෞකාව, ඉන්දු-පැසිෆික් කලාපය පුරා ශක්තිමත්, කාර්යක්ෂම සහ නම්‍යශීලී නාවික පැවැත්මක් පවත්වාගෙන යෑම සඳහා එක්සත් ජනපද නාවික හමුදාව දක්වන කැපවීම පිළිබිඹු කරයි.

මෙම වරාය සංචාරය, එක්සත් ජනපද සහ ශ්‍රී ලංකා නාවික හමුදාවන් අතර පවතින දිගුකාලීන සබඳතා මෙන්ම අපගේ ද්විපාර්ශ්වික සබඳතාවයේ ලක්ෂණයක් වන සමීප සහයෝගීතාවය ද පිළිබිඹු කරයි. ඉන්දු-පැසිෆික් කලාපය පුරා සාමය, ස්ථාවරත්වය සහ සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීම සඳහා අත්‍යවශ්‍ය හවුල්කරුවෙකු වන ශ්‍රී ලංකාව සමඟ කටයුතු කිරීමට එක්සත් ජනපදය අඛණ්ඩව කැපවී සිටී.

ශ්‍රී ලංකාව සමඟ එක්සත් ජනපදයේ සම්බන්ධතා සහ සහයෝගීතාව පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා https://lk.usembassy.gov වෙත පිවිසෙන්න. සමාජ මාධ්‍යවල @USEmbSL අනුගමනය කරන්න.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න