Image

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 10වන ජාත්‍යන්තර දමිළ විද්‍යා පර්යේෂණ සම්මේලනය ඇරඹේ

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 10වන ජාත්‍යන්තර දමිළ විද්‍යා පර්යේෂණ සම්මේලනය ඇරඹේ

පේරාදෙණිය විශ්වවිද්‍යාලීය ජාත්‍යන්තර දමිළ විද්‍යා (Tamilology) පර්යේෂණ සම්මේලනය විශ්වවිද්‍යාලීය ශ්‍රාස්ත්‍ර පීඨයේදී අද (11) ආරම්භ විය.

දෙමළ අධ්‍යයන අංශය විසින් “Multi Disciplines in Tamil” යන තේමාව යටතේ සංවිධාන කරන ලද මෙම වාර්ෂික පර්යේෂණ සමුුළුවේ පළමු දිනය සැසිවාර හතරක් යටතේ පැවැත්වුණු අතර ඒ සඳහා පර්යේෂණ පත්‍රිකා 20ක් ඉදිරිපත් කෙරිණ.

මෙම දෙදින පර්යේෂණ සමුළුව සඳහා ශ්‍රී ලංකාවේ විවිධ විශ්වවිද්‍යාල නියෝජනය කරන පර්යේෂකයින් සමග ඉන්දියාවේ විද්වත් පිරිසක් ද ඊට සහභාගි වූ අතර එහි ප්‍රධාන දේශනය යාපනය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශයේ මහාචාර්ය ටී. සනතානන් විසින් පවත්වන ලදී.

2013 වසරේ සිට දමිළ අධ්‍යයන අංශය විවිධ තේමා යටතේ පර්යේෂණ සම්මේලන සංවිධානය කරමින් සම්මේලන වාර්තා සහ විශේෂ සඟරා ප්‍රකාශයට පත් කර ඇති අතර එමගින් දමිළ ශාස්ත්‍රීය අධ්‍යයන ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත.

සම්මේලනයේ දෙවන දිනය මාර්ගගතව පැවැත්වීමට නියමිත අතර: ශ්‍රී ලංකාව, ඉන්දියාව, එක්සත් ජනපදය සහ දකුණු අප්‍රිකාව නියෝජනය කරන පර්යේෂකයන් එහි දී සිය පර්යේෂණ ඉදිරිපත් කරනු ඇත. එදින සැසිවාර පහක් යටතේ පර්යේෂණ පත්‍රිකා 31ක් ඉදිරිපත් කිරීමට ද සැලසුම් කර ඇත.

නදීක දයා බණ්ඩාර - මහනුවර

WhatsApp Image 2026 06 11 at 08.52.31

WhatsApp Image 2026 06 11 at 08.52.33

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න