Image

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් මල්වතු පාර්ශවයේ මහානායක හිමිපාණන් බැහැදකියි

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් මල්වතු පාර්ශවයේ මහානායක හිමිපාණන් බැහැදකියි

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් අද (13) දින මහනුවර ඓතිහාසික මල්වතු මහා විහාරයට පැමිණ, මල්වතු මහා විහාර පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශීර්වාද ලබාගත්තේ ය.

මෙහිදී රට මුහුණ දී ඇති වත්මන් බරපතළ අර්බුද රැසක් පිළිබඳව මහානායක වහන්සේ දැනුවත් කිරීමට අප පියවර ගත්තෙමු. විශේෂයෙන්ම:

  •  ඩොලර් අර්බුදය සහ ඉන් උද්ගත වී ඇති වත්මන් ආර්ථික තත්ත්වය.
  • දිනෙන් දින ඉහළ යන අයවැය හිඟය හමුවේ පොදු ජනතාව පිට පැටවී ඇති බදු බර.
  • ප්‍රජාතන්ත්‍රවාදයේ මුරදේවතාව වන අධිකරණයේ ස්වාධීනත්වය රැකගැනීමේ සහ නීති ක්ෂේත්‍රයේ පවතින ගැටලු.
  • ද්විත්ව ආපදාවෙන් විනාශයට පත් වූ පොදු මාර්ග කඩිනමින් පිළිසකර නොවීම නිසා ජනතාව විඳින පීඩාව.
  • සම්බුද්ධ ශාසනයට සහ ආගමික සාරධර්මවලට එල්ල වී ඇති විවිධ බලපෑම්.

... යනා දි කරුණු පිළිබඳව ය.

රට නැවත නිවැරදි මඟට ගැනීමටත්, ජනතාව මුහුණ දෙන පීඩාවලින් ඔවුන් මුදවා ගැනීමටත් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහි දී මහානායක නාහිමිපාණන් වහන්සේ ගේ වටිනා අනුශාසනා සහ ආශීර්වාදය අප වෙත හිමිවිය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න