වයස 11ක දැරියකට සාපරාධී ලිංගික අතවරයක් කිරීම සම්බන්ධයෙන් සැකකරුවකු වී සිටින පල්ලේගම හේමරතන නමැති චිවරධාරියාට එරෙහිව සිදුකරන විමර්ශනවලට බලපැම් නොකරන්නැයි ඉල්ලමින් ළමා හිංසනයට තිත පදනමේ (Stop Child Cruelty)] සභාපතිවරිය මෙන්ම විධායක අධ්‍යක්ෂවරිය ද වන වෛද්‍ය තුෂ් (තුෂාර) වික්‍රමනායක ජාතික ජනබල වේගය පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රිවරියක වන ලක්මාලි හේමචන්ද්‍ර වෙත ලිඛිත ඉල්ලීමක් කර ඇත.
ඒ, පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක් කරනු ලැබූ බව කියන සිද්ධියට අදාළ නඩුවේදී ඊට අදාළ විමර්ශන සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියා කළ ආකාරය පිළිබඳව ජාතික ළමාරක්ෂක අධිකාරිය අධිකරණය හමුවේ කළ කරුණු දැක්වීම දැඩි දෝෂ දර්ශනයට ලක් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනිය සහ නීතීය බලගැන්වීමේ අධ්‍යක්ෂකවරිය අමතමින් දැරියක දූෂණය කිරීමේ මෙම සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ ජාතික ළමාරක්ෂක අධිකාරියේ නීතීය බලගැන්වීමේ අධ්‍යක්ෂකවරිය පොලිසියේ විමර්ශන පිළිබඳව විවේචනය කරමින් කරුණු දැක්වීම තුළින් විමර්ශන නිලධාරීන් අධෛර්යවත් කර ඇති බවට ලද තොරතුරක් හේතුවෙනි.
මතු පළ වන්නේ ළමා හිංසනයට තිත පදනමේ (Stop Child Cruelty)] සභාපතිවරිය මෙන්ම විධායක අධ්‍යක්ෂවරිය ද වන වෛද්‍ය තුෂ් (තුෂාර) වික්‍රමනායක ජාතික ජනබල වේගය පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රිවරියක වන ලක්මාලි හේමචන්ද්‍ර වෙත ලිඛිත ඉල්ලීම ය.


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
