Image

'කවි  මාණික්කාවත' 20වන දා ජනගත කෙරේ...

'කවි  මාණික්කාවත' 20වන දා ජනගත කෙරේ...

 

මාණික්කාවත ටෙලිනාට්‍යයට ඇතුළත් වූ කවි වෙන ම පොතක් මුද්‍රණයෙන් ජනගත කරන්න කිවියර මහින්ද ප්‍රසාද් මස්ඉඹුල සූදානම් වෙනවා.

වැඩේ තියෙන්නෙ එළඹෙන 20වෙනිදා; ගම්පහ මිරිස්වත්තෙ සන්ථව පොත් මැදුරෙ. එදා උදේ උදේ 8.00 ඉඳන් හවස 6.00 වෙනකන් මිරිස්වත්ත සන්ථව පොත් හලට එන්න. ඔයාල හමුවෙන්න මස්ඉඹුල කවියා බලාපොරොත්තුවෙන් ඉන්නවා.

මතු පළ වන්නේ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල කවියා ම මේ වැඩේ ගැන එවපු සටහන.

'මයෙ රත්තරනේ...

ඕං ඒ කවි ටික කියවාපල්ලා

උඹලට සමන්දෙයි හාමුදුරුවන්නෙ පිහිටයි...'

බිමක්  නම්  ගෙයක්  ඒ  බිමට   උවමනා

ගෙයක් නම්  ගෙයට දරු බිලිඳු උවමනා

බිලිඳු  නම් උන්ට සෙනෙහසම  උවමනා

සෙනෙහෙ ගොයම් සේ පූදින්න උවමනා

මාණික්කාවත ටෙලිනාට්‍යයට ඇතුළත් වුණු මේ කවි වෙනම පොතක් හැටියට මෙහෙම මුද්‍රණය වෙන්නෙ කිහිප දෙනෙකුගෙ ඉල්ලීම උඩයි. ඒ වගේම මුලින් ම මේ තිරනාටකයට අවශ්‍ය තැන්වලට කවි යොදාගමු යැයි යෝජනා කළ මාණික්කාවත ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කළ  සුදත් රෝහණ | Sudath Rohana, ඒ වගේම විශාල පිරිවැයක්‍ යොදා මෙය නිෂ්පාදනය කළ ෆාහිම් මව්ජූඩ් | Fahim Mawjood, මේ කවිවලට මනරම් කාව්‍යමය තාල රටා නිර්මාණය කළ සංගීතවේදී නවරත්න ගමගේ | Nawarathna Gamage සහ සමන් ලෙනින් | Saman Lenin, මේ කවි නාට්‍ය තුළ ගායනා කළ සමන් ලෙනින් | Saman Lenin, නිලක්ෂි හැලපිටිය | Nilakshi Helapitiya, චතුර ගයාන් ජයනෙත්ති | Chathura Gayan Jayaneththi, තුෂාරි බොළුකඳුර | Thushari Bolukandura, උදයසිරි විදානපතිරණ | Udayasiri Widanapathirana,ජගත් චමිල | Jagath Chamila යන අයත්, මෙහි එන සියලු ම ඡායාරූප හි මුල් හිමිකරු සංඛ සම්මාන පෙරේරා | sanka sammaana perera සහ සන් මිත්‍ර චමින්ද උඩවෙල | Chaminda udawela පමණක් නොව, ටෙලිනාට්‍යට සම්බන්ධ වූ සැවොම සෙනෙහසින් සිහිපත් කරන්න ඕනි.

දිවිය ලෝකයේ ඉඳලා

මෙලොවට ඇවිදිල්ලා

සිය පිරිවර හා හිටියා

තපසට නොගිහිල්ලා

ලොවක් බිහි කළා නිහඬව

ගත සිත දෙක හොල්ලා

මහා මිනිස් නිධානයට

සාදු කියාපල්ලා...

 'රත්තරනේ...

පුළුවන්නම් 20 ඇවිත් යන්න එන්න...'

'කවි මාණික්කාවත'

මහින්ද ප්‍රසාද් මස්ඉඹුල.

2026:06:20 උදේ 8.00 ඉඳන් හවස 6.00 වෙනකන් මිරිස්වත්ත සන්ථව පොත් හලට ආවොත් මාත් ඉන්නවා,තව බොහෝ අයත් ඉඳීවි.

සන්ථව පොත් හල,

112/4, ගම්පහ පාර,

මිරිස්වත්ත.

0755755130 | 0777587301

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න