Image

වත්මන් රජය විපක්ෂයේ සිටින විට ජනතාව වෙනුවෙන් ‌හෙළුෑ කඳුළු අද කෝ...? - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

වත්මන් රජය විපක්ෂයේ සිටින විට ජනතාව වෙනුවෙන් ‌හෙළුෑ කඳුළු අද කෝ...? - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

වත්මන් රජය විපක්ෂයේ සිටින විට ජනතාව වෙනුවෙන් ‌හෙළුෑ කඳුළු අද නොහෙලන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අද (18) CIFL මූල්‍ය ආයතනයේ මුදල් තැන්පත් කර අගතියට පත් පිරිස සමග විපක්ෂ නායක කාර්යාලයේ සිදු කළ සාකච්ඡාවේ දී ය.

එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

එදා ගොවියා වෙනුවෙන් පෙනී සිටි රජයේ අය අද හොයාගන්නත් නැහැ

''අද ගොවි ජනතාව බීජ පොහොරවල සිට කෘෂි රසායන උපකරණ, වන අලි මිනිස් ගැටුම, ස්ථාවර මිල නොමැති වීම ආදි ගැටලු රැසකට මුහුණ දෙනවා. කනකර උගස් කර ගොවිතැන් කළත් අවසානයේ ගොවියා අපෙක්ෂා කර මිල ගොවියාට ලැබෙන්නෙ නෑ. රු. 17000ට ගිය පොහොර මිටිය රු. 10200ට දෙනවා කියා ඇමති කිව්වත් අද පොහොර හිඟයක් පවතිනවා. රටේ පොහොර නැති තැන් විශාල වශයෙන් තිබෙනවා. වගා කටයුතු සදහා යන පිරිවැය අහස උසට ගියත් අද අස්වැන්නට සාධාරණ මිලක් නැහැ. වත්මන් රජයේ මැති ඇමතිවරු විපක්ෂයේ සිටින විට ගොයම් කකා රු.150ක් ස්ථාවර මිලක් දෙනවා කිව්වත් අද ඒ මිල ගොවියාට ලැබෙන්නෙ නෑ. අද අම්පාරේ අස්වනු නෙළන විට වී කිලෝව ගන්නෙ රු. 70-80ට. අලි මිනිස් ගැටුම නිසා අස්වනු හා දේපල හානියක් සිදුවනවා. මේ නිසා මිනිසා ගේ සේම අලියා ගේ ජීවිත ද අහිමි වන මොහොතක ගොවියා වෙනුවෙන් පෙනී සිටි රජයේ අය අද හොයාගන්න නැහැ. විපක්ෂයේ සිටින විට අඬබෙර ගසා ගොවියා වෙනුවෙන් හෙළුෑ කඳුළු කිඹුල් බවට පත්වෙලා.

අද ගොවි ජනතාව කඳුළු හෙළන තැනට පත්වෙලා. ජන ජීවිත කඩා වැටි ප්‍රමාණවත් ආහාර පවා ලබා ගන්න නොහැකිව මන්ද පෝෂණය වර්ධනය වෙලා. පාසල් අධ්‍යාපනය පවා කඩා වැටිලා. මේ බොරුකාර පච දේශපාලනය නිසා ගොවියාත් ජනතාවත් අනාථ වී වෙලා. එසේම අද ගොවියාගේ අයිතිය වෙනුවෙන් සිටින්නේ සමගි ජන බලවේගය පමණයි. අවම වශයෙන් රු.120ක ස්ථාවර මිලක් ලැබෙන තුරු ගොවියා වෙනුවෙන් පෙනී සිටිනවා. කාලයක් කාබනික පොහොර කියා අසුචි පොහොර දී ගොවියා විනාශ කළා සේ අද ගොවියාට ගුණාත්මක පොහොර නැහැ.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න