හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර, ලබන ජුලි මස පළමුවෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (18) නියෝග කළේ ය.
ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ විරෝධී කමිටුව විසින් ජනාධිපති වැය ශීර්ෂය යටතේ සිදු වූ මුදල් වංචාවක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත යොමු කරන ලද පැමිණිල්ලක් අනුව සිදු කළ විමර්ශනයක් අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය අධිකරණයට දන්වා සිටියේය.
2022 වසරේ විශ්‍රාමික ජනාධිපතිවරයකු වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ලේකම්වරයෙකු වශයෙන් සිටිමින් සහ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දැරූ එම කාල වකවානුව තුළ ම ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරමින් ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම මොහුට එල්ල වී ඇති චෝදනාව යි.
සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එසේම මෙම පත්වීම් ලබාදුන් ආකාරය සහ මුදල් බැර වූ අය ගේ ගිණුම්වලට අදාළ විස්තර සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මධ්‍යම අපරාධ කොට්ඨාසයට නියෝග කළේය.
සැකකරු ඊයේ පෙරවරුවේ IMF නිලධාරීන් හා ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයින් අතර පැවති හමුවෙන් අනතුරුව නැවත පැමිණෙමින් සිටියදි කොල්ලුපිටිය ප්‍රදේශයේදි මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
