මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සතු නීති විරෝධී දේපළ රාජසන්තක කිරීම කඩිනම් කරන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබද අමාත්‍ය ආනන්ද විජේපාල පැවසී ය.
නීතිමය කටයුතු අවසන්ව අධිකරණ නියෝග මත රාජසන්තක කිරීමේ දී යම් කාලයක් ගත වන බැවින් එම දේපළ අත්හිටුවීම සඳහා ක්‍රියාවිරහිත කිරීමේ ක්‍රමයක් අනුගමනය කරන බව හෙතෙම ප්‍රකාශ කළේ ය. ඒ අනුව රුපියල් බිලියන 1.5ක දේපළ අත්හිටුවීමට නියමිත බවත් එම ක්‍රියාවලියට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ගෙන ඇතැයි මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ඊයේ (18) පැවැති විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සදහා වන රටට එකට ජාතික මෙහෙයුමේ මහනුවර දිස්ත්‍රික් මෙහෙයුම් සහ ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගීවෙමින් අමාත්‍යවරයා පැවසුවේ ය.
විෂ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් 2146ක් පුනරුත්තාපනයට
මත්දව්‍ය ජාවාරම මැඩලීම සදහා ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇතැයි කී අමාත්‍යවරයා, ජනවාරි 13 වන දින සිට මේ දක්වා ජාවාරම්කරුවන් 967 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පැවසුවේ ය. විෂ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් 2146ක් පුනරුත්තාපනයට යොමු කර ඇතැයි කී අමාත්‍යවරයා, අධිකරණ නියෝග මත පුනරුත්තාපනය කිරීමට අමතරව දෙමාපියන්ට සිය දරුවන් ස්වෙච්ඡාවෙන් පුනරුත්තාපනය සඳහා යොමු කිරීමට හැකියාව යොදා ඇති බවත්, පුනරුත්තාපන මධ්‍යස්ථාන ප්‍රමාණය සීමාසහිත වී පවතින නිසා පවතින මධ්‍යස්ථාන ප්‍රමාණය ඉදිරියේ දී දිස්ත්‍රික්ක මට්ටමින් ඉහළ නංවන බවත් මහනුවර හන්දෙස්සේ පිහිටි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ මධ්‍යස්ථානයට අමතරව තවත් පුනරුත්තාපන මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන බව ද සඳහන් කළේ ය.
තොරතුරු ලබා දෙන පාර්ශවයේ රහස්‍යභාවය සුරක්ෂිත කරනවා

එමෙන්ම 608ක් වන පොලිස් ස්ථානවල පවතින පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා 10,000ක් පමණ නිලධාරීන් සම්පූර්ණ කරන බවත් ඒ අනුව උසස්වීම් ආදිය ද ඊට සමගාමීව ලබා දෙන බව ප්‍රකාශ කළේ ය.
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන පාර්ශවයන්ට සහ මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා සහභාගීවූ නිලධාරීන් සඳහා විශේෂ මුදල් ත්‍යාග අප්‍රසිද්ධියේ ලබා දෙන බවත් ජාවාරම් සම්බන්ධ තොරතුරු ලබා දෙන පාර්ශවයේ රහස්‍යභාවය සුරක්ෂිත කරන බව අමාත්‍ය ආනන්ද විජේපාල තවදුරටත් පැවසුවේ ය.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්. බී. එස්. අභයකෝන්, කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත, ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුනි, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක ඇතුළු මහජන නියෝජිතයන් ද මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත ඇතුළු නිලධාරීන් ද මහනුවර දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරීන් ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන් සහ රජයේ නිලධාරීන් මෙම සාකච්ඡාව සඳහා සහභාගීවූහ.

නදීක දයා බණ්ඩාර -මහනුවර
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
