මානසික පීඩාවකින් පසු වූ බාලවයස්කාර දැරියකට වෛද්‍ය ප්‍රතිකාර කරන මුවාවෙන් බරපතළ ලිංගික අපයෝජනයක් කිරීමේ චෝදනාවට වැරදිකරු වූ, කොළඹට නුදුරු ආශ්‍රමයක වාසය කළ භික්ෂුවකට පසුගිය 15වන දින කොළඹ මහාධිකරණය විසින් වසර 10ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කරන ලදී.
වසර 5ක අතිරේක සිරදඬුවමක්
මීට වසර පහකට පෙර සිදු වූ මෙම සිදුවීමට අදාළව දඬුවම් නියම කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි විත්තිකරුට එරෙහිව දැඩි නියෝග රැසක් ද නිකුත් කළේ ය.
නියමිත සිරදඬුවමට අමතරව, වින්දිත දැරිය වෙත රුපියල් ලක්ෂ 5ක වන්දි මුදලක් ගෙවන ලෙස ද විනිසුරුවරයා නියෝග කළේ ය. එම වන්දි මුදල නොගෙවන්නේ නම්, නොගෙවන සෑම ලක්ෂයකට ම වසරක බැගින් තවත් වසර 5ක අතිරේක සිරදඬුවමක් ද විත්තිකරුට නියම විය. විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබුණේ 1995 අංක 22 දරන පනතින් සහ 2006 අංක 16 දරන පනතින් සංශෝධිත දණ්ඩ නීති සංග්‍රහයේ 365 (ආ) වගන්තිය යටතේ, බරපතළ ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාව මත ය.
නඩු විභාගයේ දී විත්තිකරු කියා සිටියේ ශරීරයේ තෙල් ගැල්වීම වෛද්‍ය ප්‍රතිකාරයක අංගයක් බවයි.
කෙසේවෙතත්, තමාගේ ලිංගික තෘප්තිය ලබා ගැනීම සඳහා දැරිය ගේ ලිංගේන්ද්‍රිය ආශ්‍රිත ප්‍රදේශය අනවශ්‍ය ලෙස ස්පර්ශ කිරීම සහ පිරිමැදීම හරහා මෙම අපරාධය සිදුකර ඇති බව අධිකරණය හමුවේ තහවුරු වී තිබේ.
ඉදිරිපත් වූ අධිකරණ වෛද්‍ය සාක්ෂි මඟින් ද දැරිය බලවත් ලෙස අපයෝජනයට ලක්ව ඇති බව සනාථ විය.
දැරිය බලහත්කාරයෙන් ආවාස ගෙට රැගෙන ගිහින්
අදාළ දැරිය මුලින් අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයෙන් ප්‍රතිකාර ලබාගෙන තිබූ අතර, එහි ප්‍රතිකාර ප්‍රමාද බව සිතූ ඇය ගේ මිත්තණිය ඉක්මන් සහනයක් පතා දැරිය මෙම ආශ්‍රමය වෙත යොමුකර ඇත. එහි දී පළමුව තිත්ත බෙහෙත් පානය කිරීමට දී වමනය කිරීමට සලස්වා ඇති අතර, අනතුරුව ඇඳුම් යටින් අත දමා තෙල් ගෑම කර සුරයක් පලඳවා ඇත. මෙම ප්‍රතිකාරවලින් පසු දැරියගේ තත්ත්වය යහපත් වී ඇති නමුත්, පසුව එම සුරය නැතිවීම නිසා නැවත රෝගී තත්ත්වය මතු වී ඇත. ඒ අනුව මිත්තණිය, දැරිය සහ ඇයගේ සොහොයුරා කැටුව නැවතත් භික්ෂුව වෙත ගොස් ඇත.
එම අවස්ථාවේදී පිරිත් සජ්ඣායනා කර ආශීර්වාද කළ භික්ෂුව, මිත්තණියට පැදුර අකුළන ලෙස පවසා, දැරිය සමග පැමිණි සොහොයුරාව ද තල්ලු කර දොර වසා දැරිය බලහත්කාරයෙන් ආවාස ගෙට රැගෙන ගොස් මෙම අපරාධය සිදුකර ඇත. සිදු වූ අතවරය පිළිබඳව දැරිය මුලින් බියෙන් නිහඬව සිටිය ද, පසුව ඇය ඒ පිළිබඳව මවට පවසා ඇත. අනතුරුව දැරියගේ පියා විසින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ විය.
විනිසුරුවරයා ගේ නිගමනය
දඬුවම ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා අවධාරණය කළේ, අඩු ආදායම්ලාභීන් ජීවත්වන ප්‍රදේශයක ආශ්‍රමයක් පවත්වාගෙන යමින්, සහනයක් පතා තමා වෙත පැමිණෙන අසරණ පිරිස් මෙලෙස අපයෝජනය කිරීම ආගමික නායකයකු ගෙන් සමාජය කිසිසේත් අපේක්ෂා නොකරන නින්දිත අපරාධයක් බවයි.
මෙවැනි අපරාධකරුවන්ට එරෙහිව දැඩි දඬුවම් නියම කිරීම හරහා, මෙවැනි ක්‍රියාවල නිරත වන අනෙක් අයට ද සමාජයට ද ප්‍රබල පණිවිඩයක් ලබාදිය යුතු බව ද විනිසුරුවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මූලාශ්‍ර - උඩදුම්බර අපි
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
