එක්සත් ජනපද–ශ්‍රී ලංකා ආරක්ෂක හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් වෙමින් පවතින බව පිළිබිඹු කරන තෙදින සංචාරයක් සඳහා, එක්සත් ජනපද පැසිෆික් ගුවන් හමුදා (PACAF) අණදෙන නිලධාරී ජෙනරාල් කෙවින් ෂ්නයිඩර් අද (22) ශ්‍රී ලංකාවට පැමිණියේ ය. PACAF අණදෙන නිලධාරියා ලෙස, ජෙනරාල් ෂ්නයිඩර් කලාපයේ එක්සත් ජනපද ගුවන් හමුදාවට අයත් සියලු ම නිලධාරීන් සහ වත්කම් පිළිබඳ අධීක්ෂණය සිදු කරයි.
ජූනි 21 සිට 24 දක්වා පැවැත්වෙන මෙම සංචාරය අතරතුර, ජෙනරාල් ෂ්නයිඩර්, ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායකත්වය ඇතුළු ශ්‍රී ලංකා රජයේ සහ ආරක්ෂක අංශයේ ජ්‍යෙෂ්ඨ නායකයින් හමුවනු ඇත. ඔවුන්ගේ සාකච්ඡාවලදී ගුවන් හා සමුද්‍රීය ක්ෂේත්‍ර පිළිබඳ අවබෝධය, සයිබර් ආරක්ෂාව, ආපදා ප්‍රතිචාර සහ කලාපීය ආරක්ෂාව යන ක්ෂේත්‍රවල පුළුල් සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කෙරේ.
ජෙනරාල් ෂ්නයිඩර්ගේ සංචාරය, ඒකාබද්ධ අභ්‍යාස, හමුදා හුවමාරු වැඩසටහන් සහ අඛණ්ඩ ජ්‍යෙෂ්ඨ මට්ටමේ සාකච්ඡා මත ගොඩනැගී ඇති පුළුල් වෙමින් පවතින ද්විපාර්ශ්වික සම්බන්ධතාවයක නවතම සන්ධිස්ථානයයි. කලාපය පුරා සාමය, ආරක්ෂාව සහ සමෘද්ධිය පවත්වාගෙන යෑම සඳහා වන සාමූහික ප්‍රයත්නයේ අත්‍යවශ්‍ය හවුල්කරුවෙකු ලෙස එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාව ස,කනු ලබයි.
හැඳින්වීම: ජෙනරාල් කෙවින් බී. ෂ්නයිඩර් යනු පැසිෆික් ගුවන් හමුදාවේ අණදෙන නිලධාරියා වන අතර හවායිහි ජොයින්ට් බේස් පර්ල් හාර්බර්–හිකම් හි එක්සත් ජනපද පැසිෆික් අණදෙන මූලස්ථානයේ ගුවන් අංශ අණදෙන නිලධාරියා ලෙස සේවය කරයි. PACAF ලොව අර්ධයකට පමණ පැතිරී ඇති අණදෙන ව්‍යුහයක් තුළ ගුවන් හමුදා ක්‍රියාකාරකම් සඳහා වගකිව යුතු අතර, ප්‍රධාන වශයෙන් ජපානය, දකුණු කොරියාව, හවායි, ඇලස්කාව සහ ගුවාම් යන ප්‍රදේශවල සේවය කරන ගුවන් භටයින් 46,000කට වැඩි පිරිසකට සහාය දක්වයි.
ජෙනරාල් ෂ්නයිඩර් 1988 දී එක්සත් ජනපද ගුවන් හමුදා ඇකඩමියෙන් අධිකාරී නිලධාරියෙකු ලෙස පත් විය. ඔහු යුරෝ-නේටෝ ඒකාබද්ධ ජෙට් නියමු පුහුණු වැඩසටහනෙන් සහ එක්සත් ජනපද ගුවන් හමුදා අවි පාසලෙන් උපාධි ලබා ඇත. ඔහු එක්සත් ජනපද මධ්‍යම අණදෙන වගකීම් කලාපය තුළ පිහිටි සටන් ගුවන් අංශයක් ද ඇතුළුව, බලඝණ, කණ්ඩායම් සහ පියසැරි මට්ටම්වල අණ දී ඇත. ඔහුගේ කාර්ය මණ්ඩල පැවරුම් අතරට ඒකාබද්ධ කාර්ය මණ්ඩලය (Joint Staff), ගුවන් කාර්ය මණ්ඩලය (Air Staff), එක්සත් ජනපද ගුවන් හමුදා මධ්‍යම අණදෙන මූලස්ථානය (U.S. Air Forces Central Command), එක්සත් ජනපද පැසිෆික් අණදෙන මූලස්ථානය (U.S. Pacific Command) සහ පැසිෆික් ගුවන් හමුදා (Pacific Air Forces) යන ආයතනවල සේවය ඇතුළත් වේ. ජෙනරාල්වරයා F-16, F-15E, T-38C, UH-1N සහ F-22A ගුවන් යානා මත පියාසර පැය 4,000කට අධික පළපුරුද්දක් ඇති අණදෙන නියමුවෙකු වන අතර, එයට සටන් පියාසැරි පැය 530ක් ද ඇතුළත් වේ. ඔහු සදර්න් වොච් (Southern Watch), එන්ඩියුරින්ග් ෆ්‍රීඩම් (Enduring Freedom), ඉරාකි ෆ්‍රීඩම් (Iraqi Freedom) සහ ඉන්හෙරන්ට් රිසෝල්ව් (Inherent Resolve) යන මෙහෙයුම්වල සේවය කර ඇත. ඔහුගේ වත්මන් තනතුරට පෙර, ජෙනරාල් ෂ්නයිඩර්, වර්ජිනියා ප්‍රාන්තයේ ආර්ලින්ටන්හි පෙන්ටගනයේ පිහිටි ගුවන් හමුදා මූලස්ථානයේ මාණ්ඩලික අධ්‍යක්ෂවරයා ලෙස සේවය කළේය.
මූලාශ්‍රය: https://www.pacaf.af.mil/Biographies/Display/Article/1585892/kevin-b-schneider
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
