කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැති ලෝක විවාහක රූ රැජින තේරීමේ තරගාවලියේ දී ජයග්‍රහණය ලැබූ පුෂ්පිකා ද සිල්වා ගේ කිරුළ බලහත්කාරයෙන් ගලවා ඇයට තුවාල සිදු කළ බව කියන සිද්ධියට අදාළ නඩුවේ තීන්දුව එළැඹෙන ඔක්තෝබර් 17 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (22) නියම කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින්නේ හිටපු විවාහක ලෝක රූ රැජිනක් වන කැරලයින් ජූරි සහ මෝස්තර ශිල්පිනියක වන චූලා පත්මේන්ද්‍රන් යන සැකකාරියන් දෙදෙනා යි.
අදාළ නඩුව අද (22) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළා.
මීට වසර කිහිපයකට පෙර (2021 වසරේදී) නෙළුම් පොකුණ රඟහලේ පැවැති විවාහක රූ රැජින අවසන් මහා තරගයේ දී පුෂ්පිකා ද සිල්වා ජයග්‍රාහිකාව ලෙස කිරුළු පැලඳි අවස්ථාවේ දී සැකකාරියන් දෙදෙනා වේදිකාවට ගොස් ඇයට පහරදී බලහත්කාරයෙන් කිරුළ ගලවා දැමූ බවට චෝදනා එල්ල වී තිබුණා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වන සාක්ෂි කැඳවීම සහ විභාග කිරීම් පෙර නඩු දිනයන්හි දී සම්පූර්ණයෙන් ම අවසන් කර ඇති අතර, ඒ අනුව නඩුවේ අවසන් තීන්දුව මීළඟ නඩු දිනයේ දී ප්‍රකාශයට පත් කරන බව මහේස්ත්‍රාත්වරයා අධිකරණයට දැනුම් දුන්නා.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
