Image

රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ යන දෙදෙනා ගේ අල්ලස් සිද්ධිය පිළිබඳ ව නිල නිවේදනයක්

රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ යන දෙදෙනා ගේ අල්ලස් සිද්ධිය පිළිබඳ ව නිල නිවේදනයක්

අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ සහ සමගි ජන බලවේගයේ හොරණ සංවිධායක චරිත් අබේසිංහ, අත්අඩංගුවට ගනු ලැබීම සම්බන්ධයෙන් එම කොමිසම නිල වශයෙන් නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයට අනුව ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබෙන්නේ: රුපියල් කෝටි 50 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, පසුව එම මුදල රුපියල් කෝටි 20 ක් දක්වා අඩු කර, එයින් අත්තිකාරම් ලෙස රුපියල් කෝටි 12 ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගෙන ඇති බවට ය.

ඔවුන් මෙම අල්ලස ලබා ගෙන ඇත්තේ: අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවා සිටි සංවිධානාත්මක අපරාධකරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් 'හරක් කටා' යන අය ගේ ජීවිතය ආරක්ෂා කර දීම සඳහා, රැඳවුම් නියෝග ඉවත් කර, ගාල්ල බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය හැර වෙනත් බන්ධනාගාරයක් වෙත යොමු කර දීම සඳහා සහ විමර්ශන කටයුතුවලින් මෙන් ම ඊට අදාළ කටයුතුවලින් නිදහස් කර දීම සඳහා යැයි එම නිවේදනයෙහි සඳහන් වේ.

සැකකරුවන් 2023 වර්ෂයේ දී ඩුබායි රාජ්‍යයේ දී, ඉහත සැකකරු ගේ බිරිඳ වන මධුෂිකා මධුවන්ති යන අයගෙන් මෙම මුදල ඉල්ලා ඇත්තේ යට සදහන් කටයුතු කර දීම වෙනුවෙන් යැයි එම නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන් වේ.

මතු පළ වන්නේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද නිල නිවේදනය යි.

 

WhatsApp Image 2026 06 25 at 12.39.38 PM

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න