Image

චරිත් අබේසිංහ සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ සඳහා සමගි ජනබලවේගයේ කිසිදු ගැටලුවක් නැහැ - පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ

චරිත් අබේසිංහ සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ සඳහා සමගි ජනබලවේගයේ කිසිදු ගැටලුවක් නැහැ - පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ

චරිත් අබේසිංහ මහතා අපරාධමය වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ නම් ඊට අදාළව සිදුකරන පරීක්ෂණ සඳහා සමගි ජනබලවේගයේ කිසිදු ගැටලුවක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (25) සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ බුද්ධික පතිරණ...

සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ගේ සහ සමගි ජනබලවේගයේ පිළිවෙත

‘‘හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන නීතිඥ රඛිත රාජපක්ෂ මහතා සහ හොරණ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතා අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගත් හොරණ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතා අපරාධමය වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේනම් ඊට අදාළව සිදුකරන පරීක්ෂණ සඳහා සමගි ජනබලවේගයේ කිසිදු ගැටලුවක් නැහැ. ඒ වගේම සමගි ජනබලවේගයේ කවර හෝ තැනැත්තෙක් නීතිය උල්ලංඝනය කර කටයුතු කරනවානම් , ඒ සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ කටයුතු සඳහා මැදිහත්වීමට, අධිකරණ ක්‍රියාවලියට කවර හෝ ආකාරයකින් මැදිහත්වීම විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ගේ සහ සමගි ජනබලවේගයේ පිළිවෙත නෙවෙයි. ඒ වගේම නෛතිකමය ක්‍රියාවලිය තුළ සිවිල් වරදක් හෝ අපරාධමය වරදක් සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ සමාජිකයකුට චෝදනාවක් එල්ල වෙනවානම් ඔහු හෝ ඇය එම චෝදනාවලට මුහුණ දී තමන්ගේ නිර්දෝශිභාවය හෝ තමන් වරදක් කර තිබේ නම් දඩුවම් අධිකරණයට භාර වෙනවා. ඒ සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ පුර්ණ සහාය ලබාදීමටත් කටයුතු කරනවා.

සමගි ජනබලවේගය වරදකරුවන් රකින්නෙ නැහැ

හොරණ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ඔහුගේ වයස අවුරුදු දෙකක් පමණ වන තුන් නිවුන් දරුවන් තිදෙනා සිටි ස්ථානයේ දී. කෙසේ නමුත් මෙම කුඩා දරුවන් ඉදිරිපිට චරිත් අබේසිංහ මහතා අත්අඩංගුවට ගැනිම සමගි ජනබලවේගය පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා. කෙසේ නමුත් යම් වරදක් සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්නවානම් ඒ සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු නෛතිකමය කාරණා වගේම සාදාචාර සම්බන්ධ කාරණා ද තිබෙනවා. ඒ වගේම මෙවැනි අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් විරෝධතා දැක්වූ කණ්ඩායමක් බලයේ සිටිය දී මෙවැනි අත්අඩංගුවට ගැනීම් සිදුකිරීම පිළිබඳව සමගි ජනබලවේගයට ගැටලුවක් තිබෙනවා.

හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතා සම්බන්ධයෙන් පක්ෂය විසින් තින්දුවක් ගැනීමේදී ක්‍රමවේදයක් තිබෙනවා. කෘත්‍යාධිකාරි මණ්ඩලය, කළමනාකාරි කමිටුව සහ විනය කමිටුව එකතු වී සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී තින්දුවක් ගනීවි.

සමගි ජනබලවේගය කිසිවිටෙක වරදකරුවන් රකින්න කටයුතු කරන්නේ නැහැ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න