මඩකලපුව පිහිටි නැගෙනහිර පළාත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානය (PHTC) ජාතික මට්ටමේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල පුහුණු මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම කෙරෙහි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ උපදෙස් සහ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක එම වැඩපිළිවළ තුළ නැගෙනහිර පළාත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානය (PHTC) මධ්‍යම රජය යටතට පවරා ගැනීමට අවශ්‍ය මූලික කටයුතු මේ වන විටත් සිදුකෙරෙමින් පවතී. ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන නැගෙනහිර පළාත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානයේ (PHTC) වත්මන් තත්ත්වය ඊයේ (27) සිය නිරීක්ෂණයට ලක් කළේ ය. එහි දී මධ්‍යස්ථානයේ පවතින සම්පත් සහ ක්‍රියාත්මක පුහුණු වැඩසටහන් ඇගයීමට ලක් කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පළාත් මට්ටමින් ක්‍රියාත්මක වන මෙම පුහුණු මධ්‍යස්ථානය මධ්‍යම රජයට පවරා ගැනීම තුළින් සමස්ත ශ්‍රී ලංකාවාසී සෞඛ්‍ය වෘත්තිකයන් වෙනුවෙන් ජාතික මට්ටමේ පුහුණු මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමෙන් අත්වන ප්‍රතිලාභ පිළිබඳවත්, අනාගත සංශෝධන සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා නිර්මාණාත්මක නිර්දේශ ද මෙහි දී ඉදිරිපත් කළේ ය.
සෞඛ්‍ය සේවා ශ්‍රම බලකාය සංවර්ධනය සඳහා ක්‍රියාත්මක මෙම පුහුණු මධ්‍යස්ථානය අධ්‍යාපන, පුහුණු සහ පර්යේෂණ ඒකකය - (ETN & R) හරහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතට පත් කිරීමට ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහි දී සාකච්ඡා කෙරිණි.
මධ්‍යම රජයේ සෘජු ප්‍රතිපාදන සහ අධීක්ෂණය යටතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් (PHM) ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන්ගේ පුහුණු පාඨමාලා තවදුරටත් නවීකරණය කිරීමේ ඇති හැකියාව පිළිබඳව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී අදහස් දැක්වී ය. ඉදිරි අනාගතයේ දී නැගෙනහිර පළාතේ පමණක් නොව, දිවයිනේ සමස්ත සෞඛ්‍ය සේවාවේ ම ප්‍රගතිය උදෙසා ගුණාත්මක මානව සම්පතක් බිහිකිරීමට මෙම මධ්‍යස්ථානය යොදා ගැනීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය අපේක්ෂාව බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේ ය.
නැගෙනහිර පළාත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානය (Provincial Health Training Centre - PHTC) නැගෙනහිර පළාතේ මඩකළපුව දිස්ත්‍රික්කයේ තිරයිමඩු (Thiraimadu) ප්‍රදේශයේ පිහිටා ඇති නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ (Provincial Department of Health Services - PDHS) සහ නැගෙනහිර පළාත් සභාවේ සෘජු අධීක්ෂණය යටතේ පාලනය වන පුහුණු මධ්‍යස්ථානයකි.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI), පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් (PHM) සඳහා අවශ්‍ය මූලික සහ අඛණ්ඩ වෘත්තීය පුහුණුවීම් ලබා දීම මෙහි ප්‍රධානතම කාර්ය වන අතර, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා, සෞඛ්‍ය කළමනාකරණය, සහ ලෙඩ රෝග පාලනය පිළිබඳව ඉහත සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල කුසලතා සහ දැනුම යාවත්කාලීන කිරීම සඳහා විශේෂ වැඩමුළු සහ පුහුණු පාඨමාලා මෙම මධ්‍යස්ථානය තුළින් ක්‍රියාත්මක කරයි.
මෙම මධ්‍යස්ථානය නේවාසිකාගාර පහසුකම්, සම්පත් මධ්‍යස්ථානයක්, ගෘහස්ථ ක්‍රීඩාංගණයක්, ව්‍යායාම ශාලාවක්, ජල විද්‍යාගාරයක්, තොරතුරු තාක්ෂණ (IT) විද්‍යාගාරයක්, වායුසමීකරණය කළ පන්තිකාමර, ආපනශාලාවක්, සම්මන්ත්‍රණ ශාලාවක් සහ වායුසමීකරණය කළ ශ්‍රවණාගාරයක් ඇතුළු නවීන පහසුකම්වලින් සමන්විතය. තවද, සිසුන් සඳහා පුළුල් ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කරමින් බාහිර ක්‍රියාකාරකම් සඳහා ඉඩකඩ සහිත එළිමහන් පරිශ්‍රයක් සහ ප්‍රවාහන පහසුකම් ද මෙහි සපයා ඇත.
දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය පුහුණු වැඩසටහන් මෙම මධ්‍යස්ථානය තුළින් පවත්වන අතර, මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI), අධීක්ෂණ මහජන සෞඛ්‍ය පරීක්ෂක (SPHI), අධීක්ෂණ මහජන සෞඛ්‍ය පවුල් සෞඛ්‍ය සේවිකා (SPHM), මහජන සෞඛ්‍ය පවුල් සෞඛ්‍ය සේවිකා (PHM), සෞඛ්‍ය උපස්ථායක (Health Attendant) සහ ඖෂධ සංයෝජක (Dispenser) පුහුණුව ඇතුළු වෘත්තීය පාඨමාලා රැසක් ද පවත්වනු ලබයි. මෙයට අමතරව, නැඟෙනහිර පළාත පුරා සේවය කරන සෞඛ්‍ය සහ සෞඛ්‍ය නොවන කාර්ය මණ්ඩල දෙපාර්ශ්වය සඳහා ම නිරන්තරයෙන් සේවාස්ථ පුහුණු වැඩසටහන් සංවිධානය කරයි.
මෙම අවස්ථාවට නැඟෙනහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්. සරවණභවන්, මඩකළපුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ආර්. මුරලීස්වරන්, නැගෙනහිර පළාත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානයේ අංශභාර වෛද්‍ය නිලධාරී වෛද්‍ය ප්‍රශාන්ති, විශේෂඥ වෛද්‍යවරුන් වන M. H. අබුසයිද්, දිලිප් හික්කඩුව ලියනගේ යන අය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන්
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති හා ප්‍රචාරණ) - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය




newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
