ලාංකීය නිදහස් සෞඛ්‍ය වෙනුවෙන්, රජයේ රෝහල් පද්ධතියට අලුතින් එක්වන හෘද කැතීටරකරණ ඒකකය (Cardiac Catheaterization Lab) දකුණු කොළඹ ශික්ශණ රෝහලේ, අද (30) සිට රෝගී සත්කාර සේවාව ආරම්භ කරනු ඇත. ආසියානු සංවර්ධන ණය ආධාර (ADB) යටතේ මෙම සේවාව සෞඛ්‍ය පද්ධතිය සමග එක්වී ඇත.
හෘදයට රුධිරය සපයන කිරීටක ධමනිවල ඇතිවන අවහිරතා හඳුනා ගැනීම සහ ඒවාට Stent යෙදීම මගින් ප්‍රතිකාර කිරීම, හෘද කපාටවල පවතින දෝෂ හඳුනා ගැනීම සහ ඒවාට ප්‍රතිකාර කිරීම ආදී වූ සුවිශේෂී කාර්යයක් හෘද කැතීටරකරණ කරන ඒකකය මගින් හදවත් රෝගීන්ට සපයනු ලබයි.
විකිරණ තාක්ෂණවේදී නිලධාරීන්ගේ බරපතළ හිඟය සහ දුෂ්කර දුෂ්කරතා මධ්‍යයේ උවත් අද දින සිට හදවත් රෝගීන් සුවපත් කිරීමේ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ (Intervention Cardiologist ) ක්‍රියාවලියට, විකිරණ තාක්ෂණවේදීන් වශයෙන් තම දායකත්වය ලබාදෙමින් කැපවනු ඇත.



newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
