Image

පාතාල රහස් රැසක් සැඟවූ වීඩියෝවට විජේදාස ගත් වාරණය ගලවන්න චමුදිත උසාවි යයි

පාතාල රහස් රැසක් සැඟවූ වීඩියෝවට විජේදාස ගත් වාරණය ගලවන්න චමුදිත උසාවි යයි

තම නාලිකාව මගින් සිදුකළ ආන්දෝලනාත්මක හෙළිදරව්වකට එරෙහිව හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ලබාගෙන තිබූ අධිකරණ වාරණ නියෝගය අභියෝගයට ලක් කරමින් යළි අධිකරණය හමුවට යෑමට මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම තීරණය කර ඇත.

‘Truth with Chamuditha’යූටියුබ් නාලිකාව ඔස්සේ විජයදාස රාජපක්ෂ සහ රඛිත රාජපක්ෂ යන අය පිළිබඳව විස්තර ඇතිව තිබූ වැඩසටහනකට එරෙහිව මෙම වාරණ නියෝගය ලබාගෙන තිබුණි. නමුත් ඇති වී තිබෙන වත්මන් තත්ත්වය හමුවේ එය ඉවත් කරවා ගැනීමට ඔහු නීතිමය පියවර ගැනීමට සූදානම් වෙයි.

මෙම තත්ත්වය උද්ගත වූයේ, සංවිධානාත්මක පාතාල කල්ලි නායක ‘හරක් කටා’ නමැත්තාට සහන සැලසීම සඳහා රුපියල් කෝටි 12ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියට අදාළව හිටපු අධිකරණ අමාත්‍යවරයාගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂ ඇතුළු සැකකරුවන් තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නියෝග කිරීමත් සමග ය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, 2023 වසරේ මාර්තු මස ඩුබායි රාජ්‍යයේ දී මෙම අල්ලස් ගනුදෙනුව සිදුව ඇති බවයි.

රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ අරුණ වරුණ හැන්දිගේ යන සැකකරුවන් එහි දී ‘හරක් කටා’ගේ බිරිඳ හමුවී ඇත. මුලින් රුපියල් කෝටි 50ක මුදලක් ඉල්ලා ඇති ඔවුන්, පසුව එය කෝටි 20කට එකඟ කරගෙන ඇති අතර ඉන් කෝටි 12ක මුදලක් ‘ඩිරාම්’වලින් ලබාගෙන ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ.

මෙම සිද්ධියේ වඩාත්ම තීරණාත්මක කරුණ වන්නේ, අල්ලස් සාකච්ඡා නිමවා සැකකරුවන් තිදෙනා ඩුබායි සිට යළි දිවයිනට පැමිණි ගුවන් යානයේ දී ම හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ද පැමිණ තිබීමයි.

අල්ලස් කොමිසම අධිකරණය හමුවේ අවධාරණය කළේ, හිටපු අමාත්‍යවරයා ද මෙම සංචාරයට සම්බන්ධ වී ඇති බැවින් ඒ පිළිබඳව ඉදිරියේ දී ඉතා පුළුල් සහ සුවිශේෂී විමර්ශනයක් පවත්වන බවයි.

Nishantha Mahanaga

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න