පසුගිය ජුනි මස 05වෙනි දා ගාල්ල ජාතික රෝහලේ තිබෙන ලීනියර් ඇක්සලරේට විකිරණ ප්‍රතිකාර යන්ත්‍රය වැටුණි. එම යන්ත්‍රයට අදාළ සේවා ගිවිසුම් ගතවීම සිදු නොවීම හේතුවෙන් යන්ත්‍රය නැවත යථා තත්ත්වයට පත් කිරීම ප්‍රමාද වෙමින් පැවතිණි. කෙසේ නමුත් රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංඝමයේ හෙළිදරව් කිරීම මත එම යන්ත්‍රය නැවත යථා තත්ත්වයට පත් කිරීම පසුගිය 17වෙනි දා කළේ ය.
කෙසේ නමුත් යන්ත්‍රය නැවත යථා තත්ත්වයට පත් කිරීම සිදුකළ ද මේවන තුරුත් රෝගීන් ගේ ප්‍රතිකාර සේවාව ආරම්භ කිරීම සිදුකර නොමැත. මේ සඳහා හේතු වශයෙන් පෙන්වා දෙන්නේ වායු සමීකරණ පද්ධතියේ දෝෂ පැවතීමයි. වායු සමීකරණ පද්ධතියේ තිබෙන දෝෂ සම්බන්ධයෙන් අදාළ පාර්ශව දීර්ඝ කාලයක් තිස්සේ දැනුවත් කිරීම සිදුකළත් මේ වනතුරුත් එම පද්ධතියේ පවතින දෝෂ නිරාකරණය කිරීම සිදු නොවීම බරපතළ ගැටලුවක් වී ඇත.
ජුනි මස 05වෙනි දා වන විට රෝගීන් 80 ට වැඩි ප්‍රමාණයකගේ විකිරණ ප්‍රතිකාර කටයුතු වූ දෛනිකව සිදු වෙමින් පැවතුණු අතර මේ වන විට ප්‍රතිකාර සිදුකරමින් පැවතුණු එම රෝගීන්ගේ විකිරණ ප්‍රතිකාර කටයුතු සම්පූර්ණයෙන් අතරමගදී බිඳ වැටීම සිදුවී තිබේ. සාමාන්‍යයෙන් පිළිකා රෝගියෙකු ගේ විකිරණ ප්‍රතිකාරය දින 5ත් 40ත් අතර කාල පරාසයක් දක්වා දිගු වන අතර ප්‍රතිකාර කරනු ලබන දින ගණන තීරණය වන්නේ රෝගියා ගේ පිළිකාවේ තත්ත්වය සහ පිළිකාව අනුවයි. මේ වන විට මාස 04 කට වැඩී පොරොත්තු ලේඛනයක් විකිරණ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ගාල්ල ජාතික රෝහලේ පවතී. ගාල්ල දිස්ත්‍රික්කයට අමතරව හම්බන්තොට, මාතර, කළුතර, රත්නපුර යනාදි දිස්ත්‍රික්කවල පවතින රෝහල් වෙතින් පිළිකා ප්‍රතිකාර සඳහා ගාල්ල ජාතික රෝහල වෙත රෝගීන් යොමු කිරීම සිදුවෙයි.
මෙලෙස යන්ත්‍ර වරින් වර බිඳ වැටීම සහ ඒවා නිසි පරිදි යථා තත්ත්වයට පත් නොවීම පිළිබඳව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය වරින් වර සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කළත් මෙම ගැටලුව තවදුරටත් නිරාකරණය නොවීම කණගාටුවට කාරණාවක් වී තිබේ. මේ පිළිබඳව කඩිනම් අවධානය යොමු කරන ලෙස රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය නලින්ද ජයතිස්ස අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටී.
චානක ධර්මවික්‍රම - සභාපති, රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
