ජාතික ලොතරැයි මණ්ඩලය වෙත අනුමත ක්‍රමවේදයෙන් පරිබාහිරව සහ එහි අනුමත ධූරාවලියේ නොමැති තනතුරුවලට නිලධාරීන් තිදෙනකු කොන්ත්‍රාත් පදනම මත බඳවාගෙන, එවකට මුදල් අමාත්‍යවරයාව සිටි රවී කරුණානායක ගේ කාර්ය මණ්ඩලයේ සේවයට යොමු කිරීම තුළින් ‘දූෂණය’ නමැති වරද සිදුකළැයි කියන සිද්ධියකට ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිනි ශ්‍යාමිලා පෙරේරා අල්ලස් කොමිසම විසින් අද (30) අත්අඩංගුවට ගන්නා ලදී.
ඇය, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම විසින් ඇප මත මුදා හරින ලදී.
ජාතික ලොතරැයි මණ්ඩලයේ අනුමත ධූරාවලියේ නොමැති තනතුරක් සඳහා පුද්ගලයන් දෙදෙනකු සහ අනුමත ධූරාවලියේ ඇති තනතුරක් සඳහා පුරප්පාඩු නොමැතිව එක් අයකු වශයෙන් සම්බන්ධීකරණ නිලධාරීන් දෙදෙනකු සහ කළමනාකරණ සහකාර නිලධාරියකු මෙලෙස කොන්ත්‍රාත් පදනම මත බඳවාගෙන ගැනීමකට අදාළව සිදු කරන විමර්ශනයක් අනුව මෙලෙස අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරමින් දන්වා සිටියේය.
මෙලෙස පත්කළ නිලධාරීන් තිදෙනා එවකට මුදල් අමාත්‍ය රවී කරුණානායක ගේ කාර්ය මණ්ඩල සේවයට යොමු කර ඇති අතර, ඔවුන් මගින් ජාතික ලොතරැයි මණ්ඩලය වෙත කිසිදු සේවයක් ලබාගෙන නොමැති බවත් එසේ තිබියදීත්, ජාතික ලොතරැයි මණ්ඩලයට කිසිදු සේවාවක් ඉටු නොකළ එකී තැනැත්තන් වෙත මණ්ඩලයේ ප්‍රතිපාදනවලින් වැටුප් සහ දීමනා ගෙවීමට සැලැස්වීම තුළින් මෙම දූෂණය නමැති වරද සිදුකර ඇති බවට විමර්ශන අනාවරණය කළ බව අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේය.
ඒ අනුව, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ විශේෂ විමර්ශන අංශය මගින් ජයන්ති මාවත, විජිතපුර, පැලවත්ත යන ලිපිනයේ දී එවකට ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිනි ශ්‍යාමිලා පෙරේරා යන අය අද (30) අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම සඳහන් කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
