Image

අපි රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත ලිපියක් යොමු කළා - රවි කරුණානායක

අපි රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත ලිපියක් යොමු කළා - රවි කරුණානායක

“ඩොලර් බිලියනයක පද්ධතිමය විදේශ විනිමය වංචාව” සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා වගකිවයුතු රාජ්‍ය මූල්‍ය සහ නීති බලාත්මක කිරීමේ ආයතන වහාම රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවන ලෙස විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකඑහි සභාපතිවරයා ගෙන් ඉල්ලීමක් කර ඇත.

රවි කරුණානායක මෙම අදහස් පළ කළේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ රවී කරුණානායක...

ලිපිය ඉදිරිපත් කරේ ජනාධිපති සහ ආනන්ද විජේපාල කළ ප්‍රකාශයට අනුව යි

''මේ ලිපිය ඉදිරිපත් කරන්න අදහස් කරේ ජනාධිපති පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරා රටින් පිටට මුදල් ගිහින් තියෙනවා කියලා. මුදල් කාරක සභාවට මේ ලිපිය ඉදිරිපත් කරා ක්‍රිප්ටෝ කරන්සි ගැන මීට කලින් දැනුවත් කරලා තිබුණේ. ජනාධිපති කියනවා ඩොලර් බිලියනයක් කියලා, සමාගම් කිහිපයක් කියලා. එහෙනම් ඒ අය ගෙන්විය යුතුයි; ඒ අය ගෙන් ප්‍රකාශ ගත යුතුයි; ඒක අපේ කාර්ය භාරයක්. අපි කියන්නේ ජනාධිපති සහ ආනන්ද විජේපාල කළ ප්‍රකාශයට අනුව තමයි ලිපිය ඉදිරිපත් කරේ; අපි සොයල බලලා නෙවෙයි ඒ අය කළ ප්‍රකාශයට අනුව අපි ලිපිය ඉදිරිපත් කරේ. ජනතාව ගෙන් අය කරන සියලු බදු මුදල් ජනතාව ගේ. මේ මුදල් ලැබෙන්නේ නැති උනාම නැවත ජනතාවගේ බදු මුදල්වලින් අරගන්න බැහැ. ඕස්ට්‍රේලියානු රජය දැනුවත් කළ යුතුයි අපිට ගෙවන්න බැරි උනොත් බංකොලොත් රටක් කියලා හිතන්නේ. ඕස්ට්‍රේලියාවේ ආණ්ඩුවට සානු කම්පිත ඉල්ලීමක් කරන්න වෙයි ඒකට කාලයක් ගත වෙයි. අපිට ගෙවන්න බැරි උනොත් ජනතාවගේ බදු මුදල් වලින් තමයි අය වෙන්නේ.

දැන් QR අවශ්‍ය නැහැ

රජයේ සේවකයින්ට හාල් කිලෝ 20 ලීසිං ක්‍රමයට දෙනවා කියන ප්‍රකාශය විස්මිත කතාවක්; රාජ්‍ය සේවකයින්ට කරපු අගෞරවයක් ලීසිං ක්‍රමයට දෙනවා කියලා මට ඇහුනේ නෑ මට දේශපාලන වශයෙන් අහපු නැති දෙයකට කියන්න බෑ. තෙල් මිල අඩු කිරීම මදි. තෙල් සැපයුම එනවා නම් QR අවශ්‍ය නෑ. වෙළඳ මිල වැඩි කරේ වියදම් මිල එකතු කරලා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියලා තියෙන විදියට. පාඩු විදියට දෙන්නත් බෑ අධික ලාභයක් ලබන්නත් බෑ. විශාල මුදලක් වැඩි කරලා පොඩි මුදලක් අඩු කරලා වැඩක් නෑ. පෙට්‍රල් මිල කුඩා වාහන එළවන අයට අදායම් සොයාගන්න අපහසුයි. විශේෂයෙන් ත්‍රි රෝද රථ රියැදුරන්ට ඒ නිසා QR අවශ්‍ය නැහැ කියලයි අපි හිතන්නේ..

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න