Image

දිලිත් ජයවීර, ගොවීන් ගේ ගැටලුවට මැදිහත් වීමට පොරොන්දු වෙයි

දිලිත් ජයවීර, ගොවීන් ගේ ගැටලුවට මැදිහත් වීමට පොරොන්දු වෙයි

රටේ ගොවි ජනතාව මුහුණ දෙන වී මිල ගැටලුව ඇතුළු කෘෂිකාර්මික අර්බුද පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ගොවි සංවිධාන නියෝජිතයන් සමග විශේෂ හමුවක් මැදිරිගිරිය නව නගරයේ දී පැවැත්විණි.

එහි දී ගොවි ජනතාව පෙන්වා දුන්නේ, අඩුම වී මිල වාර්තා වන වත්මන් පසුබිම තුළ පොහොර හිඟය, කෘෂිකාර්මික යෙදවුම් සහ සේවා වියදම් ඉහළ යාම හේතුවෙන් ගොවිතැන දැඩි අර්බුදයකට පත්ව ඇති බවයි. ගොවීන්ගේ ශ්‍රමයට සාධාරණ මිලක් නොලැබීම හේතුවෙන් ඔවුන් දැඩි ආර්ථික පීඩනයකට ලක්ව සිටින බව ද ඔවුහු සඳහන් කළහ.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ දිලිත් ජයවීර සඳහන් කළේ, රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කරන ප්‍රධාන පිරිස වන ගොවි ජනතාවට නිසි ගෞරවය සහ සාධාරණ මිලක් හිමි විය යුතු බවයි. ගොවීන්ගේ ශ්‍රමය අවතක්සේරු කිරීම ගොවි ප්‍රජාවට පමණක් නොව සමස්ත ජනතාවට ම සිදුවන අසාධාරණයක් බව ද ඔහු අවධාරණය කළේ ය.

එහි දී වැඩිදුර අදහස් දක්වමින් දිලිත් ජයවීර කියා සිටියේ ගොවියා ගොවි ව්‍යවසායකයා කරන විදිය තමන් දන්නා බවයි.

වී මිල ගැටලුව ඇතුළු ගොවීන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් අවශ්‍ය උපරිම මැදිහත් වීම සිදු කිරීම සඳහා සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර කටයුතු කරන බවට ද එහි දී ගොවි සංවිධාන නියෝජිතයන් වෙත සහතික විය.

මෙම අවස්ථාව සඳහා සර්වජන බලය උප සභාපති ආචාර්ය චන්න ජයසුමන සහ අම්පාර දිස්ත්‍රික් නායක ව්‍යවසායක රුෂාන් මාලින්ද ද එක්වූහ.

WhatsApp Image 2026 07 01 at 6.32.35 PM

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න