ඩෙංගු වසංගතය හිස ඔසවා තිබෙන මොහොතේ පවා ආණ්ඩුව කටයුතු කරන්නේ ඩෙංගුවලින් මිදෙන්න නම් විරුද්ධ පක්ෂයේ අය සිරගත කළ යුතු ය යන ස්ථාවරයේ සිට යැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් ගේ ප්‍රධානත්වයෙන් කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (02) පැවැති මාධ්‍ය හමුවේ දී ය.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ මහාචාර්ය දොස්තර රාජිත සේනාරත්න...
අනිත් සියලු වසංගත වගේ ම මේකෙන් මිදෙන්නත් අසීරුයි
අද අපි මේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ ඩෙංගු ව්‍යාප්තිය පිළිබඳව. අද වනවිට මෙය වසංගත තත්ත්වයකට පැමිණ තිබෙනවා. මෙය අවසානයේ දී වසංගත තත්ත්වයකට ආවේ 2017වර්ෂයේ දී. ඒ අවස්ථාවේ දී මේ ඩෙංගු රෝගය මුළු ලෝකය පුරා පැතිරිලා තිබුණා. ලෝක සෞධ්‍ය සංවිධානය කියන විදිහට ඒ කාලයේ ලෝකයෙන් භාගයක් අධි අවධානම් කලාප (High-risk zone) හැටියට නම් කරලා තිබුණා.
අපේ රට තිබුණෙත් ඒ අධි අවධානම් කලාපයේ. පසුගිය සමයේ ඩෙංගු වසංගතය පැමිණි වහාම එය මර්දනය කරන්න ගත්ත පියවර මොනවාද? අපි ගත්ත ක්‍රියාමාර්ග මේ රටේ ජනතාව අහගෙන හිටියොත් තේරෙනවා කොයිතරම් බැරෑරුම්ද මේ වසංගතයෙන් මිදෙන එක කියලා. අනිත් සියලු වසංගත වගේ ම මේකෙන් මිදෙන්නත් බොහෝම අසීරුයි.
යහපාලන සමයේ වසංගත රෝග හයක් සම්පූර්ණයෙන් ම මර්දනය කළා
යහපාලන රජය යටතේ අපිට පුළුවන් වුණා, ලංකාවේ තිබුණ වසංගත රෝග හයක් සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්න. 1930 කාලයේ සිය තිබුණු මැලේරියා වසංගතය අපි නැති කරා. බරවා රෝගය අපේ පාලන සමයේ ලංකාවෙන් තුරන් කරා. රුබෙල්ලා රෝගය ලංකාවෙන් තුරන් කරා. සරම්ප රෝගය ලංකාවෙන් තුරන් කරා. මවගෙන් දරුවාට වැළඳෙන පිටගැස්ම රෝගය අපි අවසන් කරා. මවගෙන් දරුවාට වැළඳෙන HIV ඒඩ්ස් රෝගය අපි අවසන් කළා. නමුත් අපිට ඒ එක්කම මේ ඩෙංගු වසංගත රෝගයටත් මුහුණ දෙන්න වුණා. 2012 ඉඳලා 2016 වනවිට ඩෙංගු වසංගත රෝගය එන්න එන්නම වැඩිවෙමින් තිබුණේ. අපේ ආණ්ඩුව ආරම්භ වෙනකොට එක්දහස් ගාණක ඉඳලා පනස්දහස් ගාණකට වෙනකම් ඇවිල්ලා තිබුණා, 2017 වනවිට මෙය තවත් දරුණු විදිහට පැතිරුණා.
මෙය පාලනය කරන්න මොනවාද අපි ගත්ත ක්‍රියාමාර්ග? මතක තියාගන්න මේ ඩෙංගු වසංගත රෝගයෙන් මිදෙන්න අපි ඩොලර් මිලියන 12.7ක් වියදම් කළා. එදා ඩොලරයක මිල රුපියල් 152.50යි. ඒ අනුව අපි වියදම් කරා රුපියල් මිලියන 1936.75ක්.
කුඩා රෝහල්වලට යවන්න වෙන ම වෛද්‍ය කණ්ඩායමක් හැදුවා
මහා රෝහලක් වටේ තියෙන සියලුම කුඩා රෝහල් ටික සැටලයිට් (satellite) රෝහල් බවට අපි පත් කරා. සියලුම රෝහල් ඩෙංගු රෝහල් බවට පත් කරා. ඒවයේ අනිත් රෝගීන්ට සුළු ඇඳන් ප්‍රමාණයක් තියලා, අනිත් ඔක්කොම වාට්ටු ටික අපි ගත්තා ඩෙංගු රෝගීන් සඳහා. ඒ වගේම ළමා රෝග වාට්ටුවල අපි හයි ඩිපෙන්ඩන්සි යුනිට්ස් (High Dependency Units - HDU) ඇති කළා. සියලු ම ඒවට අවශ්‍ය උපකරණ ලෑස්ති කරලා ඕනෑ ම තත්ත්වයකට මුහුණ දෙන්න පුළුවන් හයි ඩිපෙන්ඩන්සි වාට්ටු (High Dependency Wards)සියලු මහා රෝහල් වල ඇති කළා. පැය 24 පුරා ප්‍රතිකාර ලබාදීමට රෝහල් විවෘත කළා. අපිට හිටපු වෛද්‍ය කාර්ය මණ්ඩලය මදි වුණාම අපි පෝස්ට් ඉන්ටර්න්ස්ලා (post-interns), ඒ කියන්නේ පුහුණු කිරීමේ පශ්චාත් කට්ටිය, පෝස්ට් ඉන්ටර්න්ස්ලා අරගෙන ඒ කට්ටියව ඩෙංගු රෝගීන් වෙනුවෙන් අනියුක්ත කරා, ඒගොල්ලන්ට ස්පෙෂල් ට්‍රේනින් (special training) දීලා මේ ඩෙංගු වසංගතයට මුහුණ දීම සඳහා ඔවුන්ව යොමු කරා. කුඩා රෝහල්වලට යැවීමට අපි වෛද්‍ය කණ්ඩායමක් හැදුවා. කොහේ හරි එක ප්‍රදේශයක තත්ත්වය ඉතා නරක නම් මහා රෝහලෙන් කණ්ඩායමක් එතනට ගිහිල්ලා හදිසි ප්‍රතිකාර කරන්න පුළුවන් ඒකක අපි නිර්මාණය කළා. ඒ විතරක් නෙමෙයි හැම රෝහලකම OPD එකේ අපි වෙනම ලැබ් (lab) එකක් දැම්මා. ඒ වගේම අපි කෙයා මැනේජ්මන්ට් ප්‍රොටොකෝල් (Care Management Protocol) එකක් ඇති කරා. මේකෙන් මිදෙන්නට ජනතාව කරන්න ඕනේ මොනවාද කියන එක භාෂා තුනෙන්ම දැනුවත් කළා. අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක එකතු වෙලා පාසල්වලට ළමයි නොපැමිණෙනවා නම්, ඒ නොපැමිණෙන ළමයින්ගේ ගෙවල්වලට ගිහින් MOH එකෙන් ගිහින් ඩෙංගු පරීක්ෂණ පවත්වන තත්ත්වයක් අපි ආරම්භ කළා. ඒ අනුව ක්ෂණික ප්‍රතිකාර වැඩපිළිවෙළ ආරම්භ කරා ගෙවල්වලටම ගිහිල්ලා.
එදා අපි ඩෙංගු රැපිඩ් ටෙස්ට් සහ ෆුල් බ්ලඩ් කවුන්ට් විශාල වශයෙන් මිල අඩු කළා
මේකෙන් මිදෙන්නට අපි විශාල උපකරණ ප්‍රමාණයක් මේ රෝහල්වලට ලබා දුන්නා. මොබයිල් යූඑස් ස්කෑනර්ස් (Mobile US Scanners) එදා 94ක් අපි දැම්මා, මල්ටි පැරා මොනිටර්ස් (Multi-para Monitors) 300යි, ඉන්ෆියුෂන් පම්ප්ස් (Infusion Pumps) 505යි, ඇජස්ටබල් ඇඳන් (Adjustable beds) 150යි, හෙමටොක්‍රිට් මැෂින් (Hematocrit Machine) 3යි, බ්ලඩ් ප්‍රෙෂර් (Blood Pressure) බලන උපකරණ 500යි. මේ වගේ අපි ඔක්කොම අවශ්‍ය සියලු ම දේවල් අපි පුද්ගලික රෝහල්වලට පවා ලබාදුන්නා. විශේෂ ගැසට් නිවේදනයක් මගින් මම රුපියල් 2200ට තිබුණ ඩෙංගු රැපිඩ් ටෙස්ට් (Dengue Rapid Test) එකේ මිල රුපියල් 750ට අඩු කරා. රුපියල් 750ට තිබුණ ෆුල් බ්ලඩ් කවුන්ට් (Full Blood Count) පරීක්ෂාවේ මිල රුපියල් 150 දක්වා අඩු කළා. ඒ නිසා රජයේ රෝහල්වල තිබුණු පෝලිම් අඩු කරලා ජනතාවට පුද්ගලික රෝහල් වලට යන්න පුළුවන් වුණා, ජනතාවට සුළු ගාණකට මේ ටෙස්ට් දෙකම කරගන්න පුළුවන් වාතාවරණය අපි හදලා දුන්නා. ලෝක සෞඛ්‍ය සංවිධානයට කතා කරලා එදා අපි විශේෂඥයින් ගෙන්නුවා. එක කණ්ඩායමක් සායනික විශේෂඥයින්, ඔවුන් ආවා තායිලන්තයෙන්. අනිත් අය ක්ෂේත්‍ර විශේෂඥයින්, ඒගොල්ලෝ ආවා ඉන්දියාවෙන්. ඒ කණ්ඩායම් දෙකම ඇවිල්ලා ඒ අය අපිත් එක්ක වැඩි කළා, අපේ විශේෂඥයොත් එක්ක වාඩි වෙලා දිනපතා මොනිටර් (monitor) කරලා ඒගොල්ලෝ ක්ෂේත්‍රයට ගියා. ගිහිල්ලා ඒ ක්ෂේත්‍රයේ සියලු ම තත්ත්ව දැක බලා ගත්තා. ඒ කට්ටියට උපදෙස් දුන්නා මේවා හරියට කරන්න. අනිත් කට්ටිය සායනික විදිහට දත්ත, සංඛ්‍යාලේඛන අරගෙන ඒකත් එක්ක අවශ්‍ය උපදෙස් අපිට ලබා දුන්නා.
ඩෙංගු සහායක සේවයන් 1500ක් රැකියාවට බඳවා ගත්තා
හමුදාව, ත්‍රිවිධ හමුදාව, පොලිසිය දාලා පාසල්, රාජ්‍ය ආයතන, ඉදිකිරීම් ස්ථාන, මේ වගේ ස්ථාන ලක්ෂ 30ක් අපි පරීක්ෂාවට යොමු කරා, ව්‍යාපෘතියේ ඉන්න අය කිව්වා එක ස්ථානයක පහක් ඉන්න ඕන තැන ඉන්නේ දෙන්නයි කියලා. ඒ අනුව අපි අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් බලතල පැවරුවා PHIට මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන්න. ඇතුළට යන්න දෙන්නේ නැත්නම් පොලිසියත් එක්ක ඇතුළට බලෙන් ගිහිල්ලා හරි නිවාස, වතුපිටි සියල්ල පරීක්ෂා කරන්න. ඒ වගේම දඩ මුදල් ගැසීම වැඩි කරා ඩෙංගු තියෙන තැන්වල. ඩෙංගු සහායක සේවයන් 1500ක් අපි රැකියාවට බඳවා ගත්තා. 1500ක් අපි පත් කරා විශේෂ කැබිනට් පත්‍රිකාවක් දාලා. මොකද හයයි දෙක කට්ටිය එන්නේ නෑ මේ ඩෙංගු දුම් ගහන්න. ඒක හින්දා අට පාස් කට්ටියව මේකට බඳවා ගත්තා.
අපේ මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා තමයි පළවෙනියට කිව්වේ රාජ්‍ය සේවයට දේශපාලනයෙන් තොරව බඳවා ගන්න කියලා. 89 කැරැල්ලෙන් පස්සේ එතුමා සභාපතිත්වයෙන් තිබුණේ, එතුමා ගේ රෙකමදාරු (recommendation) එක තමයි. ඒ රෙකමදාරු එකෙන් පස්සේ පළවෙනි වතාවට අට පාස් කට්ටිය ආවේ ඔය වෙලාවේ. ඒක පසුකාලීනව වොකේෂනල් ට්‍රේනින් (vocational training)වලින් ඒගොල්ලන්ගේ සුදුසුකම් ලෑස්ති කරගත්තා. එතකොට 1500ක් අපි ඔවුන්ව පත් කරා, 1000ක් මහ ආණ්ඩුවටත්, 500ක් දුන්නා පළාත් ආණ්ඩුවලට. වාහන 50ක් අපි අලුතෙන් ගත්තා, දිස්ත්‍රික්ක 25ට දෙක ගානේ දුන්නා නිලධාරීන්ට ප්‍රවාහනය සඳහා. ඒ වගේම IDH රෝහල පිරි ඉතිරී ගියා අද වගේම. දැන් රෝහල් පද්ධතිය පිරිලා ඉතිරිලා ඉවරයි. ඒ වෙලාවේ අපි ත්‍රිවිධ හමුදාවත් එක්ක කතා කළා, හමුදාව IDH එකේ එක බිල්ඩින් (building) එකක් අපිට ලෑස්ති කරලා දුන්නා. මීගමුව රෝහලේ තත්ත්වය තවත් දරුණු විදිහට තිබුණා, මොකද එතැන ඩෙංගු විශේෂඥ වෛද්‍යවරු, ඩෙංගු මර්දනය කිරීමට පූර්ණ ලාභ ලැබූ දෙන්නයි හිටියේ. විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, එයා තමයි IDH එකේ ඉන්නේ වර්තමාන NMRA එකේ සභාපති. අනිත් එක්කෙනා විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු, මේ දෙන්නා පීඩියාට්‍රිෂන්ලා (pediatricians). එයාව ට්‍රේන් (train) කරලා තිබුණා, ඒක හින්දා එයා මීගමුවේ. මීගමුවටත් අපි සති තුනක් ඇතුළත තව විශාල බිල්ඩින් එකක් ඇති කරා. ඒ කරලා ඒ රෝහල් තදබදය අපි අයින් කරලා දුන්නා.
ක්ෂේත්‍ර නිලධාරීන් විදිහට උපාධිධාරීන් 300ක් බඳවා ගත්තා
ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකායක් හැදුවා ජනාධිපතිතුමා ගේ ප්‍රධානත්වයෙන් ම. ජනාධිපතිතුමා ම ඒකේ මූලසුන දැරුවා. ඒ විතරක් නෙමෙයි ඒකට සියලු පළාත් පාලන නියෝජිතයෝ, ත්‍රිවිධ හමුදාව මේ ඔක්කොම අරගෙන, පළාත් පාලන නියෝජිතයෝත් එක්ක මම ඒ වෙලාවේ සෞඛ්‍ය ඇමතිවරයා වශයෙන් මම, වජිර අබේවර්ධන මැතිතුමා හිටියේ පළාත් පාලන ඇමති විදිහට. එතුමා ලව්වා මුළු ලංකාවේ ඉන්න සියලුම දිස්ත්‍රික් ලේකම්වරු, ඒජන්තවරුන්ව කැඳෙව්වා. එතුමා ගේ අමාත්‍යාංශයට කැඳවලා මේ ඩෙංගු වැඩපිළිවෙළ පිළිබඳව මමත් මගේ නිලධාරීනුත් ගිහිල්ලා ඒගොල්ලන්ට අපි කතා කරා. ඒගොල්ලන් ප්‍රධානත්වයෙන් මේ මෙහෙයවීම කරන්නට.
ඒ විදිහට අපි සියලුම අංශ යොදා ගත්තා මේ වැඩපිළිවෙළට. ජනාධිපතිතුමා කොච්චර මේක පිළිබඳව උවමනාවක් තිබුණාද කියතොත්, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කොළඹ, ගම්පහ රැස්වීම්වල, මාසිකව එතුමා මූලාසනයේ හිටියා. මේක රටට පෙන්නන්න මේකේ වැදගත්කම. අනිත් හැම ජනාධිපති කාර්ය සාධක බළකායක ම ජනාධිපති ලේකම්වරයා මූලසුන දැරුවා. හැම දිස්ත්‍රික්කයක ම මේ ජනාධිපති කාර්ය සාධක බලකායේ රැස්වීම් හැම මාසෙකම තිබ්බා. අපි උපාධිධාරීන් 300ක් බඳවා ගත්තා ක්ෂේත්‍ර නිලධාරීන් විදිහට. ඔවුන්ව පුහුණු කරා මේ ඩෙංගු මර්දනය කිරීමේ වැඩපිළිවෙළට ගෙන් ගෙට ගිහිල්ලා දැනුවත් කරන්න. ඒ කරලා ඒගොල්ලන්ට දුන්නා එක පාසල් පහ ගානේ එක්කෙනාට. එයා වගකියන්න ඕනේ පාසල් පහේ ඩෙංගු මර්දන වැඩසටහනට. අපිට පුළුවන් වුණා මාස හතරක් විතර යනකොට මේ වසංගත තත්ත්වයෙන් ලංකාව මුදවා ගන්න. ඒ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය අපිට වෙනමම ලිපියක් එව්වා ප්‍රශංසා කරලා, ලෝකයේ කිසිම රටක් වසංගත රෝගයක් මෙච්චර ඉක්මනට මර්දනය කරලා නැහැ, ඕගොල්ලෝ තමයි මෙහෙම තත්ත්වය පාලනය කරලා ලෝකෙට උදාහරණයක් දුන්නේ කියලා.
අපි සියලු දෙනා ම බරපතළ තත්ත්වයකට ගමන් කරනවා
අන්න ඒ නිසා මම මේක පෙනෙන්නුවේ, මෙන්න මේ ක්‍රියාමාර්ග ආණ්ඩුවට ගන්න. ආණ්ඩුවට කිව්වට වැඩක් නැහැ, මේක ජනතාව මාර්ගගත කරලා ජනතාව බලකිරීමට ලක් කරන්න. මාධ්‍යවේදින් මතක තියාගන්න මෙතන ඉන්න ඔබතුමාලා අපි කවුරුත් හෙට දිනයේ ඩෙංගු වසංගතයට මුහුණ දෙන්න පුළුවන්. ඒකේ ඩෙංගු හෙමොපීලියා (Hemophilia) එක, හෙමරේජික් (Hemorrhagic) එක හැදුනොත් ජීවිතය පවා තමුන්නාන්සේලා අපි බරපතළ තත්ත්වයකට ගමන් කරනවා. ඊයේ රාත්‍රී වෙනකොට රෝගීන් 58,000කට වැඩි ප්‍රමාණයක් වාර්තා වෙලා තිබුණෙවා. ඒ වගේම මරණ 32යි, ඊයේ තව මරණයක් සිද්ධ වුණා, ඒකත් එක්ක මරණ 32කට ගමන් කරලා තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් කියනවා අද මේ වාර්තා ගත වීම නිවැරදි නැහැ කියලා. 58,000ක් කිව්වට 58,000කට වඩා මේකට ගොදුරු වෙලා ඉන්නවා. මේ පිළිබඳව මාත් එක්ක ඊයේ රාත්‍රියේ මීට සම්බන්ධ නිලධාරීන් කිහිප දෙනෙක් කතා කළා. එදා අපේ තිබුණ ඒ ජාතික මට්ටමේ වැඩපිළිවෙළ අද නැහැ. ඒ හින්දා ඔවුන්ට ඒ වාර්තා ගන්න විදිහක් නැහැ. එතකොට මීට වඩා ප්‍රමාණයක් විශාල වශයෙන් තියෙනවා. මරණ කීයක් සිද්ධ වුණාද කියලා හරියට දන්නේ නැහැ. මම අහනවා දැන් මේ වසංගතයක් නවත්වනවා නම්, අද වෙනකොට රෝහල් පිරි ඉතිරී ගිහිල්ලා, මතක තියාගන්න. තව ඉස්සරහට ගියොත් රෝහල්වලට යන්න බැරි වුණොත් මොකද වෙන්නේ? එළියේ ඉඳගෙන මැරෙන්න වෙනවා, මරණ සංඛ්‍යාව වැඩි වෙනවා.
අපි, ඩෙංගු මර්දනය කරන්න රාජ්‍ය පද්ධතියම පාවිච්චි කරා
දැන් ඒ පරණ ඒවා බලලා හරි කොයි විදිහටද වසංගතයකින් මිදෙන්නේ කියන එක බලන්න වෙනවා. ඒක පාවිච්චි කරලා හරි රට මේකෙන් මුදවා ගන්න. මොකද දිනපතා රෝගීන් වැඩිවෙන තත්ත්වයක් තියෙන්නේ. මේක සෞඛ්‍ය කාර්ය මණ්ඩලයටවත් සෞඛ්‍ය අමාත්‍යාංශයටවත් තනියෙන් කරන්න බැහැ. මේ සියලු දේවල් එදා ජනාධිපතිවරු මැදිහත්වෙලා විශේෂ කාර්ය සාධක බලකා හදලා, මුළු ආණ්ඩු රාජ්‍ය පද්ධතියම පාවිච්චි කරා මේක මර්දනය කරන්න. ඒක හින්දා තමයි ලෝකයේ ප්‍රථම වතාවට මෙතරම් කෙටි කලකින් අපිට වසංගතය නිම කරගන්නට හැකි වුණේ. ඒ නිසා අද තමුන්නාන්සේලා දන්නවා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, SLMA එක, ඒකේ සභාපති විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මැතිතුමා ප්‍රකාශයක් කරනවා, ඉතාමත්ම බරපතළ තත්ත්වයකට ඩෙංගු තත්ත්වය පැමිණ ඇතැයි කියලා. ඒ විතරක් නෙමෙයි එයා කියනවා එයාගේ ප්‍රකාශයේ, රෝහල් පද්ධතිය ඉතිරී ගිහින්, තවත් වැඩි වුවහොත් ප්‍රතිකාර ලබාදීම අපහසු වෙනවා, එවිට මරණ සංඛ්‍යාව වැඩිවෙනවා කියලා. මේ තත්ත්වය නිසා අද සැචුරේට් (saturated) වෙලා තියෙන්නේ රෝහල් පද්ධතිය.
එදා හිටපු සෞඛ්‍ය ලේකම් අජිත් මෙන්ඩිස් උදේ 8ට මට වාර්තාව දෙනවා
මහාචාර්ය නීලිකා මලවිගේ, ඔබතුමාලා දන්නවා හැම වසංගත තත්ත්වයකට ම එතුමී තමයි විශේෂඥ වෛද්‍යවරිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යාව හා අණුක වෛද්‍ය විද්‍යාවේ අංශයේ ප්‍රධානී, එතුමිය කියනවා ඩෙංගු අධි වසංගත තත්ත්වයක් නිරීක්ෂණය වෙලා කියලා. සතියකට රෝගීන් 5200ක් වාර්තා වෙනවා, ඒ වාර්තා වෙන සංඛ්‍යාව විතරයි. ඒකත් මතක තියාගන්න.
ඒ දවස්වල මම වෙනම ඩෙංගු මර්දන විශේෂඥ කමිටුවක් පත් කළා, ඒක මූලාසනය දැරුවේ හිටපු සෞඛ්‍ය ලේකම්වරයෙක් වන අජිත් මෙන්ඩිස්. ඒ කට්ටිය සහභාගි වෙලා දිනපතා උදේ 7ට අමාත්‍යාංශයේ ඒගොල්ලෝ වාඩි වුණා. වාඩිවෙලා උදේ 8ට මට වාර්තාව දෙනවා, මං හිතන්නේ සමන් ඕගොල්ලෝ එහෙම වාඩිවුණා නේද? ඔව්, උදේ 8 වෙනකොට මට වාර්තාව දෙනවා, ඇත්ත තත්ත්වය මොකක්ද? පසුගිය 24 පැය මොකක්ද? දැන් ගතයුතු අමතර ක්‍රියාමාර්ග මොකක්ද? ඒ වෙලාවෙම විනාඩි 10ක් යන්න ඉස්සෙල්ලා මම ඒවට සියලු නියෝග දාලා ඒ ටික, ඒ විදිහට තමයි දිනපතා මොනිටර් (monitor) කරගෙන මේක මර්දනය කිරීමේ වැඩපිළිවෙළ තිබුණේ. එහෙම එකක්වත් මට නම් ආරංචි වෙන්නේ නෑ කිසිම එකක් මේ අමාත්‍යාංශයෙන්.
ජනාධිපතිතුමනි..., දැන්වත් වහාම අවදිවෙන්න
දැන් ආණ්ඩුවේ ප්‍රමුඛතාවය තියෙන්නේ විරුද්ධ පක්ෂයේ කට්ටිය කොහොමද අයින් කරලා, ඩෙංගු වලින් මිදෙන්න නම් විරුද්ධ පක්ෂයේ කට්ටිය හිරේ යන්න ඕනේ. ආර්ථික අර්බුදයෙන් මිදෙන්න නම් තියෙන විසඳුම තමයි අපේ විරුද්ධ පක්ෂයේ කට්ටියව හිරේ දාන්න ඕනේ. විරුද්ධ පක්ෂය මර්දනය කරනවා, එතකොට ඩෙංගු තියෙනවා, හැබැයි ඩෙංගු නවතින්නෙත් නැහැ, නැවතුන් නැතිවුණාට ප්‍රශ්නෙකුත් නැහැ. එතකොට හිරේ යනවා විරුද්ධ පක්ෂයේ කට්ටියව මර්දනය කරනවා, එතකොට ආර්ථිකය කඩාගෙන වැටෙනවා, මිනිස්සු සාගතයට යනවා, මිනිස්සුන්ට කන්න බොන්න නැති වෙනවා, හැබැයි ප්‍රශ්නයක් නැහැ මොකද විරුද්ධ පක්ෂයක් නැහැ කතා කරන්න, ඒක හින්දා ඔහේ යනවා. මෙන්න මේ ක්‍රියාවලියේ තමයි තියෙන්නේ, ඒගොල්ලෝ කරන්නේ මේවා ජනතා අභිවර්ධන වැඩපිළිවෙළක් නෙමෙයි, රාජ්‍ය බේරාගන්නේ කෙසේද කියන වැඩපිළිවෙළ, ඒක නිසා මම කියනවා දැන්වත් වහාම අවදිවෙන්න ජනාධිපතිතුමා, ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් මේ කරපු ක්‍රියාමාර්ග සහ සෞඛ්‍ය ඇමතිවරයා පූර්ණ කාලීනවම සෞඛ්‍ය වැඩපිළිවෙළට සම්බන්ධ වෙන්න සම්බන්ධ වෙලා මේ වසංගත තත්ත්වයෙන් ලංකාව ඉතාමත් ඉක්මනින් මුදවා ගන්න කියන ඉල්ලීම මම කරනවා. බොහොම ස්තූතියි."
මෙම මාධ්‍ය සාකච්ඡාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක ද, එක්සත් ජනරජ පෙරමුණ නියෝජනය කරමින් වෛද්‍ය සෙනෙත් ගජසිංහ ද, සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සංවිධානය වෙනුවෙන් සමන් රත්නප්‍රිය ද අදහස් දැක්වූහ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
