ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව මෙම වසරේ මේ දක්වා වූ කාලය තුළ රුපියල් බිලියන 1373.7ක ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබෙන බව වාර්තා වෙයි.
රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා සඳහන් කළේ, මෙය වසරේ පළමු මාස 6 (ජුනි 30 දිනෙන් අවසන් වූ කාලය) සඳහා නියමිතව තිබූ ආදායම් ඉලක්කය ඉක්මවා යාමක් බවයි.
වසරේ මුල් මාස 6 සඳහා රේගුවේ අපේක්ෂිත ආදායම් ඉලක්කය රුපියල් බිලියන 1,060.5ක් විය. රේගු දෙපාර්තමේන්තුව එම ඉලක්කය අබිබවා යමින් රුපියල් බිලියන 313ක අතිරික්ත ආදායමක් උපයා ගැනීමට මේ වනවිට සමත්ව ඇත.
මෙම වසර සඳහා රේගු දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇති සමස්ත ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2,206කි. දැනට පවතින මත, පසුගිය වසරේදී උපයාගත් රුපියල් ට්‍රිලියන 2.5ක වාර්තාගත සමස්ත ආදායම ද මේ වසරේදී ඉක්මවා යාමේ හැකියාවක් පවතින බවයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
ජූලි මාසය සඳහා රේගුව වෙත පැවරී ඇති ආදායම් ඉලක්කය රුපියල් බිලියන 192.4ක් වන අතර, ඉන් පළමු දින දෙක තුළ පමණක් රුපියල් බිලියන 31ක ආදායමක් උපයා ගැනීමට රේගුව සමත්ව තිබේ.
මෝටර් රථ ආනයනය සීමා වීම හේතුවෙන්, එම ක්ෂේත්‍රයෙන් හිමිවන ආදායමේ යම් අඩුවීමක් දක්නට ලැබෙන බව ද චන්දන පුංචිහේවා සඳහන් කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
