Image

නාමල් ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමකින් “A Team – Next Wave” (විශිෂ්ටයින් ගේ කණ්ඩායම - ඊළඟ රැල්ල) දේශපාලන වේදිකාව කරළියට

නාමල් ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමකින් “A Team – Next Wave” (විශිෂ්ටයින් ගේ කණ්ඩායම - ඊළඟ රැල්ල) දේශපාලන වේදිකාව කරළියට

පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් බැහැරව ද සිටින විපක්ෂයේ ක්‍රියාකාරීන් ඒකාබද්ධ කිරීමේ අරමුණින්, විපක්ෂ මන්ත්‍රීවරුන් වන: නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, අනුරාධ ජයරත්න, ඩී. වී. චානක සහ චානක මඩුගොඩ යන අය විසින් “A Team – Next Wave” (විශිෂ්ටයයන්ගේ කණ්ඩායම - ඊළඟ රැල්ල) නමින් නව දේශපාලන වේදිකාවක් පසුගිය අඟහරුවාදා නිල වශයෙන් ආරම්භ කරන ලදී.

වත්මන් රජයට පවතින අතිවිශාල බලය හේතුවෙන් පාර්ලිමේන්තුව තුළ නිසි නියෝජනයක් නොලැබෙන දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් මෙන්ම පුද්ගලයින් වෙනුවෙන් ශක්තිමත් හඬක් නැගීම මෙම නව දේශපාලන වේදිකාවේ ප්‍රධානතම අරමුණක් බව එම මන්ත්‍රීවරු පෙන්වා දෙති.

එමෙන් ම, ජාතික මට්ටමේ වැදගත් ගැටලුවල දී ජනතාව ගේ සැබෑ හඬ බලධාරීන් වෙත රැගෙන යෑම සඳහා දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් මෙන්ම පාර්ලිමේන්තු නියෝජනයක් නොමැති අනෙකුත් දේශපාලන කණ්ඩායම් සමග ද අත්වැල් බැඳගෙන මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන බව ඔවුහු ප්‍රකාශ කළහ.

පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩනැගීම වෙනුවෙන්, විවිධ විපක්ෂ කණ්ඩායම් සහ ස්වාධීන කණ්ඩායම්වල නියෝජිතයින් එකම වහලක් යටට කැඳවීම මෙම ව්‍යාපාරයේ අපේක්ෂාව බව මන්ත්‍රීවරු පවසති.

වත්මන් ආර්ථික දුෂ්කරතා, දරාගත නොහැකි බදු බර මෙන්ම ගොවියන්, ධීවරයින්, උපාධිධාරීන්, තාරුණ්‍යය සහ ශිෂ්‍ය ප්‍රජාව මුහුණ දෙන දැවෙන ගැටලුවලට සාර්ථකව මුහුණ දිය හැකි, අත්දැකීම් බහුල දේශපාලන කණ්ඩායමක අවශ්‍යතාව මේ මොහොතේ රටට තදින් ම දැනෙමින් පවතින බව මන්ත්‍රීවරු වැඩිදුරටත් අවධාරණය කර සිටිති.

අවසාන වශයෙන්, මෙම වැඩපිළිවෙළෙහි දිගුකාලීන අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ අනාගතය භාරගත හැකි "ඊළඟ ජාතික කණ්ඩායම" (Next National Team) ලෙස ශක්තිමත්, එක්සත් විපක්ෂ බලවේගයක් රට තුළ නිර්මාණය කිරීම බව ද ඔවුහු සඳහන් කළහ.

WhatsApp Image 2026 07 07 at 7.52.31 PM

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න