Image

මහමෝදර නව බන්ධනාගාරයක් පිහිටුවීමට අති විශේෂ ගැසට් නිවේදනයක්!

මහමෝදර නව බන්ධනාගාරයක් පිහිටුවීමට අති විශේෂ ගැසට් නිවේදනයක්!

ගාල්ල, මහමෝදර ප්‍රදේශයේ නව බන්ධනාගාරයක් පිහිටුවීමට නියම කරමින් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කොට තිබෙනවා.

බන්ධනාගාර ආඥාපනතේ 2 වන වගන්තිය යටතේ අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල අනුව මෙම නියමය ප්‍රකාශයට පත්කොට තිබේ.

ගැසට් නිවේදනයට අනුව "මහමෝදර" මෙම බන්ධනාගාරය පිහිටුවනු ලබන අතර, එහි බලප්‍රදේශය සමස්ත ශ්‍රී ලංකාව ආවරණය වන බව සදහන්.

වසාදැමුණු ගාල්ල මහමෝදර පැරණි රෝහල් පරිශ්‍රයේ කොටසක තාවකාලික පදනම මත මෙම බන්ධනාගාරය පවත්වාගෙන යෑමට නියමිත බව ද  ආරංචි මාර්ග සදහන් කරයි.

 

newprison mahamodara

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න