Image

ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක වංචා විමර්ශනවල ප්‍රගතිය අගෝස්තු මස 05 වනදා අධිකරණයට දැනුම් දෙන්නැයි නියෝගයක්

ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක වංචා විමර්ශනවල ප්‍රගතිය අගෝස්තු මස 05 වනදා අධිකරණයට දැනුම් දෙන්නැයි නියෝගයක්

ශ්‍රී ලංකා මහා භාණ්ඩාගාරය සතු ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක රජයේ මුදල් වංචනික ලෙස බැහැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය අගෝස්තු මස 05 වනදා අධිකරණයට දැනුම් දෙන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා අද (8) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ

කරන ලද කරුණු දැක්විමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.

වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින අපරාධය පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසා සිටියේ මෙම විමර්ශනයට අදාලව සොයාගනු ලැබූ ටෙරා බයිට් 16 ක පරිගණක දත්ත අඩංගු දෘඪතැටි වැඩිදුර විමර්ශන සඳහා කොළඹ විශ්ව විද්‍යාලය වෙත යොමු කර ඇති බවයි.

ඊට අදාළ වාර්තා මෙතෙක් ලැබී නොමැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියා.

මෙම සිද්ධියට සම්බන්ධ රජයේ රස පරීක්ෂක වාර්තා ද මෙතෙක් ලැබී නොමැති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම විමර්ශනවල ප්‍රගතිය අගෝස්තු මස 05 වනදා වාර්තා කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න