Image

නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයට අදාළ ප්‍රගති සමාලෝචනයක්

නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයට අදාළ ප්‍රගති සමාලෝචනයක්

ජනාධිපතිවරයා ගේ ප්‍රමුඛත්වයෙන් නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය ප්‍රතිපාදන අවශ්‍යතා පිළිබඳ අද (08) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

අමාත්‍යාංශ විෂය පථයට අයත් සියලු දෙපාර්තමේන්තු සහ ආයතන විසින් 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2027 වසරේ සැලසුම් සහ ප්‍රතිපාදන අවශ්‍යතා පිළිබඳව ජනාධිපතිවරයා මෙහි දී පුළුල් විමසීමක් කළේ ය.

ජනතාවගේ පානීය ජල ගැටලුවට කඩිනම් විසඳුම් ලබා දීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් ඒ සඳහා 2027 වසරේ අයවැයෙන් විශේෂ අවධානය යොමු කරන ලෙස ද ජනාදිපතිවරයා උපදෙස් ලබා දුන්නේ ය.

නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු කළ අතර යුද්ධයෙන් අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළ කඩිනම් කරන ලෙසත්, අඩු ආදායම්ලාභීන්ගේ අර්ධ වශයෙන් ඉදිකළ නිවාස සඳහා ආධාර ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේ ය.

ජනාධිපති මාධ්‍ය අංශය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න