බීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීමේ සිද්ධියකට අදාළව තමන්ට එරෙහිව ගොනු කර ඇති නඩුවේ එක් චෝදනාවකට, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වත්මන් ලේකම් සහ විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න ගල්කිස්ස මහෙස්ත්‍රාත් කාංචනා නෙරංජලා සිල්වා හමුවේ වරද පිළිගෙන ඇත.
ඔහු ඔහු මෙලෙස වරද පිළිගෙන ඇත්තේ 2023 වසරේ වැල්ලවත්ත මුහුදුබඩ මාර්ගයේ දී (Marine Drive) සිදුවූ මෙම රිය අනතුරට අදාළව, 'රිය අනතුරක් වළක්වා නොගැනීම' යන පළමු චෝදනාව සඳහා ය. ඒ අනුව, ගල්කිස්ස මහෙස්ත්‍රාත් කාංචනා නෙරංජලා සිල්වා විසින් ඔහුට රුපියල් 2,500ක දඩ මුදලක් ගෙවන ලෙස නියෝග කරන ලදී.
මෙම නියෝගය ලබා දී ඇත්තේ තම සේවාදායකයා අදාළ පළමු චෝදනාවට වරද පිළිගන්නා බව රවී සෙනෙවිරත්න වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව ය.
මෙම නඩුව අද (9) කැඳවා තිබුණේ පළමු චෝදනාව සම්බන්ධයෙන් දඬුවම් නියම කිරීමට මෙන්ම, නඩුවේ දෙවන සහ තෙවන චෝදනා වන 'අපරීක්ෂාකාරීව රිය පැදවීම' සහ 'බීමත්ව රිය පැදවීම' යන චෝදනා ඉදිරියට පවත්වාගෙන යනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශ කිරීම සඳහා ය.
ඉතිරි චෝදනා (දෙවන සහ තෙවන) සම්බන්ධයෙන් නඩුව විභාගයට ගැනීමට සහ අද දින නියම කරන ලද රුපියල් 2,500ක දඩ මුදල ගෙවීම සඳහා මෙම නඩුව ලබන අගෝස්තු මස 20 වැනිදා යළි කැඳවීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
