Image

මහාධිකරණ ඇප කොන්දේසි මත දුමින්ද දිසානායක නැවත මුදා හරී

මහාධිකරණ ඇප කොන්දේසි මත දුමින්ද දිසානායක නැවත මුදා හරී

හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයකින් හමුවූ රන් ආලේපිත T-56 වර්ගයේ ගිනිඅවියක් සම්බන්ධ නඩුවෙන් මීට පෙර මුදා හැර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක, නීතිපතිවරයා ගේ උපදෙස් පරිදි යළි සැකකරුවකු ලෙස නම් කිරීමෙන් අනතුරුව නොතිසි මත ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියේ ය. අනතුරුව දුමින්ද දිසානායක මහාධිකරණ ඇප කොන්දේසි මත නැවත මුදා හැරි මට අධිකරණය නියෝග කළේ ය.

සිව්වන සැකකරු වන දුමින්ද දිසානායකට සහ ගිනි අවිය රැගෙන ගිය බවට චෝදනා එල්ල වන සැකකාරියට එරෙහිව මහාධිකරණය හමුවේ චෝදනා ගොනු කරන බව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.

මෙම රන් ආලේපිත ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල දී, හිටපු මන්ත්‍රීවරයාට එරෙහිව සෘජු හෝ පරිවේෂණීය සාක්ෂි නොමැති බව පවසමින් එවකට සිටි පූර්වගාමී ගල්කිස්ස මහෙස්ත්‍රාත් චතුරිකා ද සිල්වා, ඉකුත් වසරේ ජූලි 29වන දා දුමින්ද දිසානායක ව නඩුවෙන් මුදා හැරීමට නියෝග කර තිබුණා.

ඔහු අද අධිකරණය හමුවේ පෙනී සිටියේ නීතිපතිවරයා ගේ උපදෙස් අනුව ඔහුට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි පවතින බැවින් ඔහු ව මෙලෙස යළි සැකකරුවකු ලෙස නම් කිරීමෙන් අනතුරුව ය.

සිද්ධිය සම්බන්ධයෙන් නඩුව ලබන දෙසැම්බර් මස 11 යළි කැඳවන ලෙසත් එදිනට වැඩිදුර වාර්තාවක් ගොනු කරන ලෙස අධිකරණය නියෝග කළේ ය.

හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් හමුවූ රන් ආලේපිත ටී-56 ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පසුගිය වසරේ මැයි මස 23 වැනි දින අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකළේ ය. පසුව ඔහු වෙනුවෙන් ඉදිරිපත් වූ ඇප ඉල්ලීමක් සලකා බැලූ අධිකරණය, දැඩි ඇප කොන්දේසි මත ඔහුව මුදා හැරීමට පියවර ගත්තේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න