හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්න සහ හිටපු සභාපති උපාලි ලියනගේට එරෙහිව දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම පනවා ඇති නඩුවේ විමර්ශන කටයුතු අවසන් බැවින් අධි චෝදනා ගොනු කිරීමට කටයුතු කරන බව සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම අද (10) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ දන්වා සිටියේ ය.
සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනාට එරෙහිව කරන ලද විමර්ශන කටයුතු මේ වන විට අවසන් බැවින් මහාධිකරණයේ අධි චෝදනා ගොනු කිරීමට නියමිත බව වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් අල්ලස් කොමිසම පැවසුවේ සැකකරුවන් දෙදෙනා අද අධිකරණයේ පෙනී සිටි අවස්ථාවේ දී ය.
සැකකරුවන් හට චෝදනා ගොනු කර තිබුණේ කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙනි.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා මේ වන විට සිටින්නේ ඇප මත ය.
නඩුව දෙසැම්බර් 4 වැනිදා යළි කැඳවිමට නියමිත ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
