Image

මීගමුවේ සිටි රැඳවියන් දෙසීයකට මිනී මැරුම් චෝදනා

මීගමුවේ සිටි රැඳවියන් දෙසීයකට මිනී මැරුම් චෝදනා

නිලධාරීන් අට දෙනකු අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව බන්ධනාගාරයේ සිටි රැඳවියන් දෙසියයකට ආසන්න පිරිසකට එරෙහිව මිනීමැරුම් චෝදනා යටතේ නඩු පැවරීමට කටයුතු කරන බව පොලිස් මූලස්ථානය පවසයි.

පසුගිය 05 සහ 06 යන දිනවල මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ දරුණු ප්‍රචණ්ඩ ක්‍රියාවලින් ජේලර්වරයකු ඇතුළු නිලධාරීන් අට දෙනෙකු ජීවිතක්ෂයට පත් පත්විය. ගැටුමෙන් මියගිය මුළු සංඛ්‍යාව 28කි. මීට අමතරව තවත් සියයකට ආසන්න පිරිසක් බරපතළ තුවාල ලබා රෝහල්ගත කළේ ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන විමර්ශනවලට අනුව, මෙම අපරාධය ‘සුරේෂ්’ සහ ‘බුරුමූණා’ ඇතුළු ප්‍රධාන පෙළේ අපරාධකරුවන් 13 දෙනකු විසින් මෙහෙයවනු ලැබ ඇති බව අනාවරණය වී තිබේ.

බන්ධනාගාර ආරක්ෂිත කැමරා දර්ශන උපයෝගී කර ගනිමින් සැකකරුවන් නිවැරදිව හඳුනා ගැනීම සඳහා විමර්ශන කණ්ඩායම් කිහිපයක් මේ වන විටත් සාක්ෂි රැස් කරමින් සිටින බව වාර්තා වේ.

අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු සඳහන් කළේ: රැඳවියන් අතට ගිනි අවි සහ මාරක ආයුධ පත්වූ ආකාරය පිළිබඳව පොලිසිය විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි. මීගමුව බන්ධනාගාර අවි ගබඩාවේ ආරක්ෂාව පිළිබඳව ද වෙනම විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද වාර්තා වේ.

මෑත කාලීනව මුහුදු මාර්ග ඔස්සේ මෙරටට හොර රහසේ රැගෙන ආ ගිනි අවි 10,804ක් පමණ ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති බව ද නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු වැඩිදුරටත් පැවසී ය.

මේ වන විට දිවයිනේ බන්ධනාගාර 16ක සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා සිටින බවත්, මෙම සිද්ධියත් සමග බන්ධනාගාර පද්ධතියේ ආරක්ෂාව දැඩි කිරීමට අධිකරණ අමාත්‍යාංශය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බවත් වාර්තා වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න