කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය, හෙට (13) දිනය සඳහා වලංගු වන පරිදි, අද (11) පස්වරු 5.00ට මෙම නිවේදනය නිකුත් කර ඇත.
උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක
විශේෂයෙන් ම මෙම නිවේදනය වලංගු වන්නේ: මුලතිව්, වවුනියාව, මඩකළපුව, අම්පාර, ත්‍රිකුණාමලය සහ මොණරාගල යන දිස්ත්‍රික්ක සඳහා බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව එම දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශයන්හි දිවා කාලයේ දී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ''අවධානය යොමු කළ යුතු මට්ටමක'' පැවතිය හැකි බව වැඩිදුරටත් සඳහන් කරයි. ඒබැවින් මේ සම්බන්ධව අවධානය යොමු කරමින් මිනිස් ශරීරයෙහි සෞඛ්‍ය තත්ත්වයට විය හැකි බලපෑම අවම කර ගැනීමට කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.
ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එම පළාත්වල ජනතාවගෙන් ඉල්ලා සිටී. එමෙන්ම වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් මෙම තත්ත්වය සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කරන ලෙසත් කුඩා දරුවන් වාහන තුළ තනිකර දමා යෑමෙන් වළකින ලෙස එම නිවේදනයේ සඳහන් කර ඇත. එමෙන්ම අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත් සුදු හෝ ළා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙසත් අදාළ නිවේදයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
