හිටපු ඇමති විමල් වීරවංශ ඇතුළු හය දෙනෙකුට එරෙහිව එරෙහිව ගොනු කර තිබෙන, මහජන පීඩාවක් සිදුකළේ යන චෝදනාවට අදාළ නඩුව වැඩිදුර විභාගය සඳහා සැප්තැම්බර් 21 කැඳවන ලෙස නියම කර ඇත.
එලෙස නියම කර ඇත්තේ එම නඩුව අද (ජුලි 13 දින) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ කැඳවූ අවස්ථාවේදීය.
2016 වර්ෂයේ දී කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් සිදුකළ උද්ඝෝෂණයක් හේතුවෙන් මෙම නඩුව ගොනුකර ඇති අතර එහි සෙසු සැකකරුවන් ලෙස: වීරකුමාර දිසානායක, ජයන්ත සමරවීර, රොජර් සෙනෙවිරත්න, පියසිරි විජේනායක, සහ මොහාමඩ් මුසම්මිල් යන අය නම් කර ඇත.
අසනීප තත්ත්වය යැයි දන්වමින් විමල් වීරවංශ අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත. ඔහු ගේ නීතිඥවරයා විසින් ඊට අදාළ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
