Image

බන්ධනාගාර නිලධාරින් ඇහුම්කන් දෙනවා නම් සිරකරුවන්ට නීති උපදෙස් දෙන්න බැහැ - සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා

බන්ධනාගාර නිලධාරින් ඇහුම්කන් දෙනවා නම් සිරකරුවන්ට නීති උපදෙස් දෙන්න බැහැ - සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා

මීගමුව බන්ධනාගාරයේ සිද්ධියෙන් අනතුරුව වැලිකඩ බන්ධනාගාරයට මාරුකර යවා ඇති සිරකරුවන් දෙදෙනකුට නීතිමය උපදෙස් ලබාදීම බන්ධනාගාර නිලධාරීන් ගේ ඇහුම්කන් දීමට යටත්ව සිදුකරන ලෙස කළ දැනුම් දීමක් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා ප්‍රමුඛ නීතිඥ කණ්ඩායමක් විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

නීතිඥ සේනක පෙරේරා ඇතුළු නීතිඥ කණ්ඩායම අද (13) වැලිකඩ බන්ධනාගාරයට ගොස් අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව ය. එම අවස්ථාවේ දී සිරකරුවන් දෙදෙනාට නීති උපදෙස් ලබාදී ඇති අතර බන්ධනාගාර නිලධාරීන් ද සිටින ඉතා කුඩා ඉඩක සිරකරුවන් සමඟ නීතිඥයින්ට කතා කරන ලෙස දැනුම් දී ඇත.

එම අවස්ථාවේ දී බන්ධනාගාර නිලධාරීන් අසා සිටින බැවින් එම නීති උපදෙස් ලබාදීම සිදුකළ නොහැකි බව නීතිඥයින් දන්වා ඇත. බන්ධනාගාර නිලධාරීන්, එය අධීක්ෂණය කිරීම වශයෙන් හඳුන්වා ඇත. එම අවස්ථාවේ දී නීතිඥයින් පවසා ඇත්තේ එම අධීක්ෂණය ඇහුම්කන් නොදෙන අධීක්ෂණයක් විය යුතු බවයි. ඒවිට බන්ධනාගාර නිලධාරීන් පවසා ඇත්තේ ඇහුම්කන් දීම ද අධීක්ෂණයට ඇතුළත් බව යි. අනතුරුව එයට විරෝධය පළකරමින් නීතිඥ කණ්ඩායම ආපසු පැමිණ ඇත. අනතුරුව නීතිඥ කණ්ඩායම විසින් ඒ සම්බන්ධයෙන් වන විරෝධය වැඩ බලන බන්ධනාගාර කොමසාරි ජෙනරාල්වරයාට ඒ මොහොතේම ලිඛිතව දන්වනු ලැබ ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න