Image

අනුරට රජ විය හැකි රහසක් දීප්ති හෙළි කරයි - Ideas front වීඩියෝවක්

අනුරට රජ විය හැකි රහසක් දීප්ති හෙළි කරයි - Ideas front වීඩියෝවක්

විදෙස් රැකියාවල නියුක්තව සිට පැමිණි සියලු දෙනා විධිමත්ව ලියාපදිංචි කර ඔවුන් වෙනුවෙන් විශ්‍රාම වැටුපක් ලබා දීමට කටයුතු කරන්නේ නම් වත්මන් ජනාධිපතිවරයාට රජවිය හැකි යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

විශ්‍රාම වැටුප හිමිවිය යුත්තේ රාජ්‍ය සේවකයින්ට පමණක් නොවේ යැයි ද දීප්ති අවධාරණය කළේ ය.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අනුමැතිව සහිත විදෙස් සේවාවල නිරත වන ප්‍රමාණය දැනට ලක්ෂ 17ක් පමණ වන බවට වාර්තා වන බවත්, ලංකාවේ ආර්ථිකය පවත්වාගෙන යෑමට වඩාත් දායක වන්නේ එම ශ්‍රමිකයින් එවන විදේශ විනිමය යැයි එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන - ජයසිරි අලවත්ත 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න