Image

කොළඹ මහ නගර සභා මන්ත්‍රීනී දීපා එදිරිසිංහ සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වේ

කොළඹ මහ නගර සභා මන්ත්‍රීනී දීපා එදිරිසිංහ සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වේ

කොළඹ මහ නගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිනී දීපා එදිරිසිංහ සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි එම පක්ෂයේ භාණ්ඩාගාරික, හිටපු අමාත්‍ය ලසන්ත අලගියවන්න ඊයේ (13) ප්‍රකාශ කර ඇත.

මන්ත්‍රී ධුරය භාරගන්නා අවස්ථාවේ දී, වසරක කාලයකින් ඉන් ඉල්ලා අස්වන බවට පක්ෂයට ලබා දී තිබූ විශේෂ පොරොන්දුවක් සහ එකඟතාවක් ඉටු කිරිම සඳහා ඇය මෙබඳු තීරණයක් ගෙන ඇතැයි වාර්තාවන අතර පොරොන්දු ප්‍රකාරව වසරක කාලය සම්පූර්ණ වීමෙන් අනතුරුව ඇය මෙලෙස ධුරයෙන් ඉවත්ව ඇත.

මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුව ද දීපා එදිරිසිංහ පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මෙන්ම එහි සංවිධායක ධුරයේ ද තවදුරටත් සක්‍රියව කටයුතු කිරීමට නියමිත යැයි ද වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන නියෝජිතයින් කිහිපදෙනකු ම මීට පෙර ද මෙලෙස එකඟතා මත ධුරවලින් ඉල්ලා අස්වී ඇතැයි මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසා ඇත. මෙවැනි ඉල්ලා අස්වීම් සාමාන්‍ය තත්ත්වයක් බවත්, පක්ෂයේ අභ්‍යන්තර තීරණයකට අනුව සෙසු සාමාජිකයන්ට ද අවස්ථාව ලබා දීම වෙනුවෙන් මෙබඳු ක්‍රියාවලියක් සිදු කරන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න