දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව ගොනුකරන ලද නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය සැප්තැම්බර් මස 7 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල දින නියම කළේ ය.
එහිදී පැමිණිල්ලේ සාක්ෂිකරුවන් දෙදෙනකුගේ සාක්ෂි සටහන් කර ගැනීම ද සිදුකළේ ය. වැඩිදුර සාක්ෂි විභාගය සැප්තැම්බර් මස 07 වනදා දක්වා කල් තැබුවේ ඉන් අනතුරුව ය.
2014 වසරේ ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු වශයෙන් කටයුතු කරමින් එහි ගබඩා සංකීර්ණයේ කාපට් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගමකට පැවරීමේ දී එම සමාගමට වාසිදායක ආකාරයකට ක්‍රියා කිරීම තුළින් දූෂණය නැමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය කුමාර ජයකොඩි එරෙහිව මෙම නඩුව ගොනු කරන ලදී.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
