දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිදුවන හානි අවම කිරීම සඳහා පූර්ව සැලසුම් ක්‍රියාත්මක නොකිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මහනුවර ප්‍රදේශයේ නීතිඥවරයෙකු වූ කීර්ති බණ්ඩාර කිරිදෙන ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම කරුණු සලකා බැලීම සඳහා ඔක්තෝබර් 30 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේ ය.
මෙම පෙත්සම ජනක් ද සිල්වා සහ අචල වෙන්ගප්පුලි යන ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවි ය. එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ඔක්තෝම්බර් මස 30 වනදා කැඳවන ලෙස නියෝග කළේ ය.
මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් ඇතුළු පිරිසක් නම් කර ඇත. පෙත්සම්කරුවන් කියා සිටින්නේ දිට්වා සුළි කුණාටු තත්ත්වයක් ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පූර්ව අනතුරු ඇඟවීම් සිදුකර තිබිය දී ඉන් සිදුවිය හැකි හානීය අවම කිරීම සඳහා රජය විසින් පූර්ව සැලසුම් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වූ බවයි.
මේ තුළින් මහජනතාව ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් මෙවැනි තත්ත්ව ඉදිරියේ දී ඇතිවීම වැළැක්වීමට අවශ්‍ය මාර්ගෝපදේශ රජය වෙත නිකුත් කරන ලෙසත් ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.
පෙත්සම්කාර නීතිඥවරයා වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
