අයුතු ජනරාශියක සාමාජිකයන් වෙමින් කොටුව පොලිස් වසමේ ලෝටස් පාර, මුදල් අමාත්‍යාංශයයට, ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළුවන දොරටු අවහිර කරමින් මහජන පීඩාවක් කළ බවට වන සිද්ධියේ සැකකරුවන් වන නියෝජ්‍ය ඇමැති එරංග ගුණසේකර ඇතුළු සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව වැඩබලන මහේස්ත්‍රාත් කිංස්ලි හෙට්ටිආරච්චි අද (17) කොටුව පොලීසියට නියෝග කළේ ය.
මහේස්ත්‍රාත්වරයා, මෙලෙස වරෙන්තු නිකුත් කළේ නඩුව විභාය සඳහා කැඳවූ අවස්ථාවේ දී මෙම සැකකරුවන් දෙදෙනා අධිකරණය හමුවේ පෙනී නොසිටි බැවිනි.
නඩුව කැඳවූ අවස්ථාවේ දී: ජෝසප් ස්ටාලින්, ළහිරු වීරසේකර, රංගන ලක්මාල් දේවප්‍රිය, අමිල ජීවන්ත පියතුමා ඇතුළු සැකකරුවන් 13 දෙනෙක් අධිකරණය හමුවේ පෙනී සිටියහ.
සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කර ඉදිරි නඩු දින අධිකරණයට කරුණු දක්වන ලෙස ද වැඩබලන මහේස්ත්‍රාත් වරයා කොටුව පොලීසියට නියෝග කළේ ය.
නඩුව ලබන දෙසැම්බර් මස 4 තෙක් කල් තැබිණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
