Image

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ ඇතුළු සැකකරුවන් හය දෙනකුට වරෙන්තු

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ ඇතුළු සැකකරුවන් හය දෙනකුට වරෙන්තු

අධිකරණ නියෝග කඩ කරමින් අයුතු ජනරාශියක සාමාජිකයින් වෙමින් උද්ඝෝෂණ සිදු කළ බවට චෝදනා ලැබ, ඇප මත මුදා හැර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ ඇතුළු සැකකරුවන් හය දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව අතිරේක මහේස්ත්‍රාත් කිංස්ලි හෙට්ටිආරච්චි අද (17) නියෝග කළේ ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ, රොෂාන් අලි දානිස් අලි, අමල් සාලින්ද නොහොත් ආමි අමිල, රොහාන් එරංග, උදයංග කුමාර සහ කොස්වත්තගේ මහානාම යන පිරිසට මෙලෙස වරෙන්තුවක් නිකුත් කළේ සිද්ධිය සම්බන්ධයෙන් නඩුව කැඳවූ අවස්ථාවේ දී විවෘත අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනි.

ඇපකරුවන් ට නොකිසි නිකුත් කළ වැඩබලන මහේස්ත්‍රාත් වරයා නඩුව ලබන දෙසැම්බර් මස 4 තෙක් කල් තබන ලෙස නියෝග කළේ ය.

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ, රුහුණු විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇන්තනී වේරංග පුෂ්පික ද සිල්වා, ජෙහාන් අප්පුහාමි මෙන්ම රත්කරව්වේ ජිනරතන ඇතුළු13 දෙනෙකු අධිකරණයේ පෙනී සිටියහ.

වැඩිදුර ර වාර්තා සඳහා නඩුව දෙසැම්බර් මස 4 තෙක් කල් තැබිණි.

කොටුව පොලිසිය විසින් සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබූ අතර වසන්ත මුදලිගේ සහ වේරංග පුෂ්පිකද සිල්වා , රොෂාන් අලි දානිස් අලි, අමල් සාලින්ද නොහොත් ආමි අමිල, ජෙහාන් අප්පුහාමි, ජගත් මනුවර්ණ මෙන්ම රත්කරව්වේ ජිනරතන , කොස්වත්තේ මහානාම හිමිවරුන් ඇතුළු සැකකරුවන් 15 දෙදෙනෙකු නඩු පවරා ඇත.

සැකකරුවන්ට එරෙහිව ගොනු කර ඇත්තේ අධිකරණ නියෝග කඩකරමින්: උද්ඝෝෂණ පැවැත්වීම, පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනා මත ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න