ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 76 වැනි සංවත්සරය පැවැත්වීමට සූදානම් වී සිටින බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 76 වැනි සංවත්සරය යනු පක්ෂයේ සාමාජිකයන්ට පමණක් නොව, මේ රටේ සමස්ත ජනතාවට ම වැදගත් අවස්ථාවක් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 75 වන සංවස්තරය එළැඹෙන සැප්තැම්බර් මස 02 දින ශ්‍රී ජයවර්ධපුර කෝට්ටේ මොනාච mperial හෝටල් පරිශ්‍රයේ දී පැවැත් විම සම්බන්ධයෙන් පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවේ දී ය.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ දුමින්ද දිසානායක...
76 වසරක සාපය පැවති ආණ්ඩුවලට පමණක් භාර දිය නොහැකියි
''එදා එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කළා. එතැන් සිට මේ රටට විශාල සේවයක් කළ නායකයන් බිහි වූ පක්ෂයක් ලෙස එය ඉතිහාසයට එක්ව තිබෙනවා. ඉතාමත් මෑතකාලීන උදාහරණයක් ලෙස 2018දී ආරම්භ කිරීමට නියමිතව තිබූ රාජාංගණය ජල ව්‍යාපෘතියට එදා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් විරුද්ධ වුණා. ජනතාව පෙළගස්වා පෙළපාලි ගියා, විරෝධතා පැවැත්වූවා. නමුත් අවුරුදු හයකට පසුව අද ඒ ව්‍යාපෘතිය විවෘත කරමින් විශාල ජයග්‍රහණයක් ලෙස ඉදිරිපත් කරනවා. ඒ නිසා “76 වසරක සාපය” ගැන කතා කරනවා නම්, ඒ සඳහා වගකියන්න ඕනේ කවුද කියන එකත් ජනතාව සිතා බැලිය යුතුයි. අපේ මතය අනුව, ආණ්ඩු බලයේ සිටි පක්ෂ පමණක් නොව, විපක්ෂයේ සිටිමින් රටේ සංවර්ධන ව්‍යාපෘතිවලට අඛණ්ඩව විරුද්ධ වූ පිරිසත් ඒ සඳහා වගකිව යුතුයි. ඉතිහාසය දෙස බැලුවොත්, මේ රටේ වැඩිම විදුලි කණු කඩා දැමූ, ට්‍රාන්ස්ෆෝමර් ගිනි තැබූ, පාසල් ගිනි තැබූ, වී ගබඩා ගිනි තැබූ, බස් රථ විනාශ කළ සහ රජයේ නිලධාරීන් ඝාතනය කළ සිදුවීම් සිදුවුණේ ජනතා විමුක්ති පෙරමුණේ කැරලි සමයේ දී බව ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ සියල්ල නැවත ගොඩනැගීමට වැය වූයේ මේ රටේ ජනතාවගේ බදු මුදල්. ගිනි තැබූ පාසල් නැවත හදන්නත්, ට්‍රාන්ස්ෆෝමර් නැවත සවි කරන්නත් වැය වූයේ ජනතාවගේ මුදල්. එබැවින්, 76 වසරක සාපය ගැන කතා කරනවා නම්, එය පැවති ආණ්ඩුවලට පමණක් භාර දිය නොහැකියි. විපක්ෂයේ සිටිමින් රටේ සංවර්ධන වැඩවලට බාධා කළ පිරිසගේ වගකීමත් ජනතාව අමතක නොකළ යුතුයි.
වී කිලෝග්‍රෑමයක නිෂ්පාදන වියදම රුපියල් 335ක් කිව්වෙ වත්මන් කෘෂිකර්ම ඇමති ම යි
අපි මෙම සංවත්සරය සමරන්නේ ඉතිහාසය සිහිපත් කිරීමට පමණක් නොවෙයි. ඉදිරියේ දී මේ රට කොතැනට ගෙනියන්න ඕනේ ද, තරුණ පරපුරට සහ අනාගත පරපුරට ලබාදෙන දැක්ම මොකක්ද කියන කරුණු පිළිබඳවත් රටේ ජනතාව දැනුවත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. වී මිල සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යවරයා ඉතා පැහැදිලිව කියනවා මීට වඩා සතයක්වත් ලබාදෙන්නේ නැහැ කියලා. අපි එතුමාට කියන්නේ අපිත් එක්ක නොව ගොවීන් එක්ක ගොස් මේ ගැන කතා කරන්න කියලයි. ඉතිහාසයේ සිට ම වී මිල ගණනය කළේ ගොවියාට නොමිලේ ලැබෙන ජලය හෝ ඉඩම්වල වටිනාකම එකතු කරලා නොවෙයි. නිෂ්පාදන වියදම් සැලකිල්ලට ගෙනයි. අද නිෂ්පාදන වියදම රුපියල් 135 ආසන්න බව ගොවීන් කියනවා. කෘෂිකර්ම අමාත්‍යවරයා ම පාර්ලිමේන්තුවේදී වී කිලෝග්‍රෑමයක නිෂ්පාදන වියදම රුපියල් 335ක් පමණ වන බව සඳහන් කළා. එසේ නම්, ඊට වඩා අඩු මිලක් ගොවියාට ලබාදීම සාධාරණ ද කියන ප්‍රශ්නය අපි මතු කරනවා.
ගොවියාට සාධාරණයක් ඉටු කරන්න
ලෝක වෙළඳපොළේ තෙල් මිල වැඩි වූ විට එහි බර ජනතාව දරාගන්නවා. විදුලි බිල වැඩි වූ විටත් ජනතාව ඒ බර දරාගන්නවා. පාසල් ප්‍රවාහන ගාස්තු, භාණ්ඩ මිල, එළවළු මිල ඇතුළු සියල්ල ඉහළ ගිහින් තිබෙනවා.එහෙම නම්, හාල් මිල පමණක් කෘත්‍රිමව පාලනය කරමින් ගොවියා පීඩාවට පත් කරන්නේ ඇයි? ගොවියාටත් තම නිෂ්පාදන වියදම ආවරණය කරගෙන සාධාරණ ලාභයක් ලැබෙන මිලක් ලබාදිය යුතුයි. අරක්කු බෝතලයක මිල වැඩි වුණාම ජනතාව දරාගන්නවා නම්, තෙල් මිල වැඩි වුණාම දරාගන්නවා නම්, අනෙකුත් භාණ්ඩවල මිල වැඩි වුණාමත් දරාගන්නවා නම්, ඇයි හාල් මිල සම්බන්ධයෙන් පමණක් ගොවියා අසාධාරණ ලෙස පීඩාවට පත් කරන්නේ? මේ පිළිබඳව ආණ්ඩුව ගැඹුරින් සිතා බලා ගොවියාට සාධාරණයක් ඉටු කරන ලෙස අපි ඉල්ලා සිටිනවා.''
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
