Image

රුපියල් මිලියන 10ක කොකේන් සමග විදෙස් ජාතික කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට!

රුපියල් මිලියන 10ක කොකේන් සමග විදෙස් ජාතික කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට!

රුපියල් මිලියන 10කට අධික වටිනාකමකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 237ක් ළඟ තබාගෙන සිටි ඇන්ගෝලා ජාතික කාන්තාවක් රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත් වූ කාන්තාව 54 හැවිරිදි වියේ පසුවන්නියක් වන අතර, ඇය ඇන්ගෝලාවේ සිට ඉතියෝපියාවේ අඩිස් අබාබා නුවරට පැමිණ, එතැන් සිට කටාර් රාජ්‍යයේ දෝහා හරහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි විමර්ෂණවලදී අණාවරණය වී තිබෙන්නේ.

අදාළ කාන්තාව ගුවන් යානයෙන් බැසීමෙන් අනතුරුව ඇය රෝද පුටුවක ආධාරයෙන් ගමන් කර ඇති අතර, එහිදී ඇයගේ හැසිරීම කෙරෙහි රේගු නිලධාරීන්ගේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ ඇය විසින්ම තමන් සන්තකයේ තිබූ කොකේන් මත්ද්‍රව්‍ය අඩංගු කරල් 14 ක් ස්වේච්ඡාවෙන්ම රේගු නිලධාරීන් වෙත භාර දී ඇති අතර, මීට අමතරව තවත් මත්ද්‍රව්‍ය කරල් කිහිපයක් තමන් විසින් ගිල දමා ඇති බව ද ඇය රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් ඉදිරියේ පිළිගෙන තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න