Image

“හවුස් ඔෆ් ෆැෂන්ස්” (House of Fashions) හි හිමිකරු රිමාන්ඩ්

“හවුස් ඔෆ් ෆැෂන්ස්” (House of Fashions) හි හිමිකරු රිමාන්ඩ්

මෙරට ප්‍රකට ඇඟලුම් සහ විලාසිතා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ව්‍යාපාරික ආයතනයක් වන “හවුස් ඔෆ් ෆැෂන්ස්” (House of Fashions) හි හිමිකරු වන ප්‍රීති ජයවර්ධන රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 17 වනදා නියෝග කළේ ය.

ශ්‍රී ලංකා රේගුව මගින් ක්‍රියාත්මක කරනු ලබන විශේෂ විමර්ශනයකට අදාළව රේගු තක්සේරු කිරීම් සම්බන්ධ ගැටලුවක් මත රේගු නිලධාරීන් පිරිසක් විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබ තිබෙන්නේ ඔහු ගේ නිවසේ දී ම ය.

අත්අඩංගුවට ගත් පසු හෘද රෝගයකට ලක් වෙලා

අත්අඩංගුවට පත්ව රේගු භාරයේ පසුවෙද්දී ප්‍රීති ජයවර්ධන හදිසි හෘදයාබාධ තත්ත්වයකට මුහුණ දී ඇත. අනතුරුව වෛද්‍ය උපදෙස් මත ඔහුව වහාම කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණි. සැකකරු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පසුබිමක, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කොළඹ ජාතික රෝහල වෙත පැමිණ ඔහු ගේ වෛද්‍ය තත්ත්වය පෞද්ගලිකවම නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙම රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගය නිකුත් කර ඇත.

රේගුව, තවම හේතු ප්‍රසිද්ධ කර නැහැ

මෙම අධිකරණ නියෝගයත් සමග “හවුස් ඔෆ් ෆැෂන්ස්” හිමිකරු මේ වන විට බන්ධනාගාර නිලධාරීන් ගේ සෘජු ආරක්ෂාව යටතේ කොළඹ ජාතික රෝහලේ නේවාසිකව වෛද්‍ය ප්‍රතිකාර ලබමින් පසුවේ. මෙම අත්අඩංගුවට ගැනීමට පාදක වූ රේගු තක්සේරු කිරීම් සම්බන්ධ ගැටලුව මතු කළ රේගු විමර්ශනයේ ස්වභාවය හෝ ඊට අදාළ නිශ්චිත චෝදනා පිළිබඳ විස්තර ශ්‍රී ලංකා රේගුව විසින් මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති අතර, ඉදිරි අධිකරණ වාරයේ දී ඒ පිළිබඳ කරුණු අධිකරණයට වාර්තා කිරීමට නියමිත ය.

මූලාශ්‍ර - gossiplankanews.com

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න