Image

පුද්ගලයින් කැනඩා යවන බව පවසා මුදල් වංචා කළ සිද්ධියක විමර්ශන අරඹයි

පුද්ගලයින් කැනඩා යවන බව පවසා මුදල් වංචා කළ සිද්ධියක විමර්ශන අරඹයි

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් පුද්ගලයින් කැනඩා රටේ රැකියා සඳහා යවන බව පවසා මුදල් ලබාගෙන පුද්ගලයින් 34 දෙනකු ඩුබායි රටේ අතරමං කළ සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට විමර්ශනයක් ආරම්භ කළ බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අද (20) පැවසුවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළඳාම් කිරීම , මිනිස් ජාවාරම් සහ සමුද්‍රීය අපරාධ විමර්ශන අංශය මගින් මෙම විමර්ශනය ආරම්භ කර ඇති අතර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අදාල නියෝග නිකුත් කළේ ය.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වසන්ත ලාල් යන අය ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවය කරන බවට අඟවා, ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පුද්ගලයින් කැනඩා රටට යවන බවට මුදල් ලබාගෙන වංචා කිරීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කරන බවයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව දන්වා සිටියේ.

අගතියට පත් පුද්ගලයින් ඩුබායි රටට රැගෙන ගොස් අතරමං කර ඇති බව ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව දන්වා සිටියේ.

ප්‍රධාන සැකකරු මේ වන විට විදේශයකට පලා ගොස් ඇති අතර මොහොමඩ් ඉල්ලියාස් සහ අසංක මනිලාල් සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඉදිරි විමර්ශන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න