Image

සුරා බදු නොගෙව්වොත් වැඩ වරදී

සුරා බදු නොගෙව්වොත් වැඩ වරදී

සුරා බදු ගෙවීම පැහැර හරින මත්පැන් නිෂ්පාදන සමාගම්වලට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇතැයි නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මෙම දැනුම් දීම සිදුකළේ මත්පැන් බදු ගෙවීම පැහැර හැර තිබෙන මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් එම බදු අය කර ගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස සුරා බදු කොමසාරිස් ජෙනරල්වරයා ඇතුළු නිලධාරීන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයකු වන සංජය මහවත්ත විසින් ඉදිරිපත් කළ පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දී ය.

මෙම පෙත්සම් අද අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන අයගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීය.

අතිරේක සොලිසිටර් ජෙනරල් වරයා සඳහන් කළේ බදු ගෙවීම පැහැරහරින මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් බදු අය කර ගැනීමේ කටයුතු සිදු වමින් පවතින බවයි. ගෙවීම් පැහැර හල ඇතැම් සමාගම්වලට එරෙහිව දිසා අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කර තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේ ය.

මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කියා සිටියේ මෙම කටයුතුවල ප්‍රගතිය විමසීම සඳහා මෙම පෙත්සම ඉදිරි දිනයක කැඳවන ලෙසයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල මෙම පෙත්සම යළි ලබන නොවැම්බර් මස 16 වනදා කැඳවන ලෙස නියෝග කළේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න