Image

හිටපු අමාත්‍ය සී.බී.රත්නායකට එරෙහි නඩුවක් නොවැම්බර් 10 යළි කැඳවීමට නියෝග

හිටපු අමාත්‍ය සී.බී.රත්නායකට එරෙහි නඩුවක් නොවැම්බර් 10 යළි කැඳවීමට නියෝග

මුදල් විශුද්ධීකරණ පනත යටතේ  දූෂණය නමැති වරදක් කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය සී.බී.රත්නායකට එරෙහි නඩුවක් නොවැම්බර් 10 යළි කැඳවිමට  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම  අද (21) නියෝග කළේ ය.

මෙලෙස නියෝග කළේ නඩුව කැඳවූ අවස්ථාවේ දී අල්ලස් කොමිසම  වෙනුවෙන් පෙනී සිටි විමර්ශන නිලධාරීන් විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව ය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් සඳහන් කර සිටියේ සැකකරුට එරෙහිව මහාධිකරණයේ අධි චෝදනා ගොනු කිරීමට   කටයුතු කරන බවයි.

සැකකරු මේ වනවිට ඇප මත මුදා හැර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න