Image

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

ජනාධිපති අනුර කුමාර දිසානායක අද (21) මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවති උත්සවයට එක් විය.

සාර්ථක ප්‍රාථමික සෞඛ්‍ය පද්ධතියක් ලෙස අද ලෝකයේම ඇගයීමට ලක් වන මෙම සේවා වැඩිදියුණු කිරීමේ දී සිවිල් සංවිධාන සහ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) වැනි ආයතන ලබා දුන් මගපෙන්වීම සහ දායකත්වය ද ජනාධිපතිවරයා මෙහිදී කෘතවේදීව සිහිපත් කළේ ය.

ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය සේවාව ගොඩනැගුණේ ඉතා අඩු පහසුකම් තත්ත්ව යටතේ වෘත්තිකයන් ගේ සහ පුරවැසි දායකත්වයේ අපරිමිත කැපකිරීම් මත වන අතර, සියවසක් පුරා මහජන සෞඛ්‍ය සේවය ඉටු කළ මහඟු මෙහෙවර වෙනුවෙන් ප්‍රජා සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් ඇගයීමේ අවස්ථාවට ද හෙතෙම සහභාගි වූයේ ය. එසේම, මෙම සැමරුමට සමගාමීව පැවති මහජන සෞඛ්‍ය සේවයේ නවෝත්පාදන ප්‍රදර්ශනය නැරඹීමට ද ජනාධිපතිවරයා එක් විය.

අද අප සිටින්නේ මහජන සෞඛ්‍ය සේවයේ මීළඟ සියවස ආරම්භ වන තීරණාත්මක සන්ධිස්ථානයක වන බැවින්, ඉදිරියේ දී සෞඛ්‍ය සේවාව සඳහා සිදු කරන විශාලතම ආයෝජනය ප්‍රාථමික සෞඛ්‍ය සේවා වෙනුවෙන් යෙදවීම රජයේ අපේක්ෂාව බවත්, වර්තමානයේ අප මුහුණ දෙන බෝනොවන රෝගවල අවදානම සහ ඩෙංගු වසංගතය යනාදි තත්ත්ව හමුවේ, අපගේ ප්‍රජා සෞඛ්‍ය සේවය තවදුරටත් කාර්යක්ෂම සහ යාවත්කාලීන කිරීම වෙනුවෙන් ශක්තිමත්ව පෙළගැසෙන ලෙස වෘත්තිකයන්, පාර්ශ්වකරුවන් ඇතුළු සියලු ප්‍රජාවට ආරාධනා කරන බව ද ජනාධිපතිවරයා පැවසී ය.

ජනාධිපති මාධ්‍ය අංශය

phi

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න