Image

විදේශ ගමන් බලපත්‍ර ඉදිරිපත් නොකිරීම සඳහා අල්ලස් ඉල්ලූ අයට චෝදනා ගොනු කරයි

විදේශ ගමන් බලපත්‍ර ඉදිරිපත් නොකිරීම සඳහා අල්ලස් ඉල්ලූ අයට චෝදනා ගොනු කරයි

අන්තර්ජාල ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් 19 දෙනකු ගේ විදේශ ගමන් බලපත්‍ර නිසි දින අධිකරණයට ඉදිරිපත් නොකර මුදා හැරීම සඳහා රුපියල් ලක්ෂ 3 ක අල්ලසක් ඉල්ලු බව කියන සිද්ධියට අදාලව දූෂණ විරෝධී පනත යටතේ චෝදනා ගොනු කිරීමට අදහස් කරන බව සිද්ධියට අදාල නඩුව කැඳවූ අවස්ථාවේදී කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය අද (21) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම හමුවේ දැන්වූයේ ය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වු විමර්ශන නිලධාරීන් සඳහන් කර සිටියේ මෙම සිද්ධියට අදාළ කාන්තාවක් සම්බන්ධයෙන් පෙර නඩු දිනයේ දී අධිකරණයට සඳහන් කළ බවත් සිද්ධියට අදාළව ඇයගෙන් ප්‍රකාශ ලබා ගත් බවයි.

ලබාගත් ප්‍රකාශ අනුව මෙම සැකකරුව දැනගත්තේ ඇය ගේ පියා ගෙන් බවත් මෙම සැකකරු ඇයව රවටා මෙම චීන ජාතිකයන් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගත් බව ද විමර්ශන නිලධාරියා අධිකරණයට කරුණු දැක්වූයේ ය.

මෙම වීසා අයත් චීන ජාතිකයන් 19 දෙනාගෙන් දැනට චීන ජාතිකයන් 16 දෙනකු ගෙන් ප්‍රකාශ සටහන් කළ ගත් බවත්, එක් අයෙක් මේ වන විට වැලිසර රැදවුම් මධ්‍යස්ථානයේ සිටින බවත්, අනෙක් දෙදෙනා සොයා ගැනීමට නොහැකි බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වුයේ.

එම අවස්ථාවේ සිද්ධියට අදාළ බව කියන කාන්තාව සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා සඳහන් කර සිටියේ තම සේවා දායකයා ගේ විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස යි. එම අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරයා අධිකරණයට දන්වා සිටියේ විමර්ශන පාර්ශවයෙන් හෝ අධිකරණයෙන් ඇයව සැකකාරියක් ලෙස නම්කර නොමැති බවයි. නමුත් විදේශ ගමන් තහනම ඉවත්කිරීම සඳහා එම කාන්තාව සම්බන්ධයෙන් ප්‍රකාශය ලබාගත් විමර්ශන නිලධාරියාට මීළඟ නඩු දින අධිකරණයේ පෙනී සිට ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස නියෝග කළේ ය.

තව ද මහේස්ත්‍රාත්වරයා පවසා සිටියේ අල්ලස් කොමිසමට උදෘත යවන්න කටයුතු කරනවා ද යන්නයි.

එම අවස්ථාවේදී විමර්ශන නිලධාරීන් සඳහන් කළේ එලෙස කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.

ඒ අනුව නඩුව ලබන 24 යළි කැඳවිමට නියමිත ය.

මෙම සිද්ධියට අදාළව වැලිකඩ පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර ඇප මත මුදා හැර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න