අබිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන ගේ මරණ පරික්ෂණයට අදාළ රස පරීක්ෂක වාර්තාව කඩිනමින් අධිකරණයට ලබා දීමට කටයුතු කරන ලෙස දන්වා රජයේ රස පරීක්ෂකවරයාට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (22) යළිත් සිහි කැඳවීම් ලිපියක් නිකුත් කළේ ය.
තව ද මෙම සිද්ධියට අදාළව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව කඩිනමින් ලබා දෙන ලෙසට රජයේ අධිකරණ වෛද්‍යවරයා වෙත නොතිසි ද නිකුත් කළේ ය. නඩුව කැඳවු අවස්ථාවේ දි කොළඹ අපරාධ කොට්ඨාසය පවසා සිටියේ රස පරීක්‍ෂක වර්තා ලැබී නොමැති බවයි. මරණ පරීක්‍ෂණ සාක්ෂි කැඳවා අවසන් බැවින් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සහ රස පරීක්ෂණ වාර්තාව ලබා ගැනීම සඳහා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයාට සහ රජයේ රස පරීක්ෂකවරයාට පෙර නඩු දිනයේ දී මහේස්ත්‍රාත්වරයා නොතිසි නිකුත් කර තිබුණි.
සිද්ධියට සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ අධිකරණ වර්තා ලබා ගැනීමට එම වෛද්‍යවරයා වෙත ද දන්වා ඇති බවයි. පෙර නඩු දිනයේ ද රජයේ රස පරීක්ෂකවරයා වෙත සිහි කැඳවිම් ලිපියක් මහේස්ත්‍රාත්වරයා නිකුත් කර තිබුණි.
ඉදිරිපත් වු කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා රස පරික්ෂක වර්තා කඩිනමින් ලබා දීමට රස පරික්ෂකවරයාට යළිත් සිහි කැඳවිම් ලිපි නිකුත් කළේ ය.
නඩුව අගෝස්තු 19වන දා යළි කැඳවීමට නියමිත ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
