අබිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන ගේ ජංගම දුරකතනය සම්බන්ධයෙන් කරන ලද විමර්ශන ඇතුළත් ප්‍රගති වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අද (22) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කළේ ය.
නඩුව කැඳවු අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරයා කොළඹ අපරාධ කොට්ඨාසයට දන්වා සිටියේ මරණකරු ගේ ජංගම දුරකතනය සම්බන්ධයෙන් කරන ලද විමර්ශන පිළිබඳ සෑහීමකට පත් නොවන බවයි.
එම අවස්ථාවේ දී කොළඹ අපරාධ කොට්ඨාසය දන්වා සිටියේ ජංගම දුරකතනයේ දත්ත ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර පොලිසිය හරහා අදාළ ආයතන දැනුවත් කර ඇති බවයි.
එම ජංගම දුරකතනයේ තොරතුරු ලබා ගැනීම සම්බන්ධයෙන් ඇපල් සමාගම වෙත ඉල්ලීමක් කර ඇති බව ද කොළඹ අපරාධ කොට්ඨාසය පෙර නඩු දිනයක දී අධිකරණයට දන්වා තිබුණා.
සිද්ධියට අදාල නඩුව ලබන 19 යළි කැඳවිමට නියමිතයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
