Image

රාජාංගනය සද්ධාරතන හිමි ගේ ඇප පිළිබඳ තීරණය අගෝස්තු පස්වන දා

රාජාංගනය සද්ධාරතන හිමි ගේ ඇප පිළිබඳ තීරණය අගෝස්තු පස්වන දා

ඇප කොන්දේසි කඩ කරමින් මහා සංඝරත්නය ඇතුළු විවිධ පුද්ගලයන්ට අපහාස කරමින් වීඩියෝ මුදාහරිමින් අපහාස කළ බවට අධිකරණයට කරුණු වාර්තා කර තිබූ රාජාංගනය සද්ධාරතන හිමි ගේ ඇප අවලංගු කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් නැවත සලකා බැලීම ලබන අගෝස්තු මස 5 තෙක් කල් තබන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (22) නියෝග කළේ ය.

අධිකරණ රෙජිස්ටර්වරිය ඉදිරියේ අදාළ වීඩියෝ පරීක්ෂා කරන ලෙසත් ඉදිරි සතියේ තමන් වෙත පරීක්ෂා කිරීම සඳහා එම වීඩියෝ ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ ය.

අසභ්‍ය වචන භාවිතා කරමින් ඇප කොන්දේසි උල්ලංගනය කර ඇති බව කියමින් ඇප අවලංගු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම අදාළව නඩුව කැඳවූ අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිසි ලෙස සීඩී තැටි ඉදිරිපත් කර නැති බැවින් නියෝගයක් ලබා දීමට නොහැකි බව කියමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේ ය. ඒ අනුව අදාළ සීඩී තැටි නිසි ලෙස ලකුණු කර අධිකරණ රෙජිස්ටර්වරිය වෙත බාර දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ ය.

සැකකාර හිමියන් ඇප මත මුදා හරින අවස්ථාවේ දී නිකුත් කළ ඇප කොන්දේසි කඩ කර ඇතැයි මහේස්ත්‍රාත්වරයා හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් ඊට අදාළ සීඩී තැටි පහ අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

මින් පෙර මෙවැනි ඉල්ලීම් තුනක් අධිකරණය හමුවේ කැඳවා ඇති අතර ඊට අදාළ සීඩී තැටි තුනක් ද අධිකරණයට ඉදිරිපත් කර ඇත. නඩුව කැදවූ අවස්ථාවේ දී ඇප මත මුදා හැර ඇති සැකකාර සද්ධාරත්න හිමියන් විවෘත අධිකරණයේ පෙනී සිටියේ ය. පැමිණිල්ල සිදු කළ පාහියංගල ආනන්ද සාගර හිමියන්ට අපහාස කරමින් සැකකාර සද්ධාරත්න හිමියන් වීඩියෝ සමාජ ගත කර ඇති බවට ලද පැමිණිල්ලක් අනුව විමර්ශන කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න